රට බංකොළොත් කළ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා අත්සන් ව්‍යාපාරයක්

රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසට සහ ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් ඉල්ලමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයත් අද (23) කොළඹ කොටුවේදී අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ආරම්භ වූ මෙම අත්සන් ව්‍යාපාරයේ තවත් අරමුණක් වී ඇත්තේ රට බංකොලොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා ගැනීමයි.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් 3 දෙනෙකු මෙන්ම සමගි නීතිඥ කණ්ඩායම පැවරූ නඩුවකින් රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන් අනාවරණය කර ගැනීමට හැකි වූ බව යි.

එසේ ම මේ රටේ අක්‍රමවත් අකාර්යක්ෂම දුර්වල හා දූෂිත ආර්ථික කළමනාකරණය තුළ රට බංකොළොත් වීම හා එම බංකොළොත්භාවය තුලින් මූලික අයිතිවාසිකම් කඩවීම යන මාතෘකාව තුළ ශ්‍රේෂ්ඨාධිකරණය 4න් 1ක තීන්දුවක් ලබා දෙමින් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පී. බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්. ඩී. ලක්ෂ්මන් සහ මුදල් මණ්ඩලයේ දෙදෙනකු හැර සෙසු අය මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තීන්දු වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

වැරදි තීන්දු තීරණ නිසා රට බංකොළොත් වීමත් සමඟ ජන ජීවිත කඩා වැටුණු ලක්ෂ 220ක් වූ ජනතාවත් ව්‍යාපාරිකයන්ටත් තමාට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ හැකියාව උදා කළ බව ඔහු පෙන්වා දෙනවා.

එසේම මෙම අත්සන් මාලාව තුළ විශේෂ ජනාධිපති කොමිසමක් ස්ථාපිත කර ඒ හරහා රටේ උත්තරීතර නීතියට අනුව රටේ ලක්ෂ 220කගේම මුලික අයිතිවාසිකම් කඩ කළ සියලු දෙනාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිමට ජනාධිපතිවරයාට බලකිරීමක් සිදු වන බවත් නැවතත් ඔවුන්ට මැතිවරණයකට ඡන්දෙට ඉදිරිපත් වීම මෙන්ම ඡන්දය භාවිත කිරීමේ අයිතිය ද අහෝසි කළ යුතු බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38