රට තුළ පාතාල ක්‍රියාකාරකම්වලට කිසිඳු ඉඩක් නැහැ – මහජන ආරක්ෂක ඇමති

වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිඳු ක්‍රියාකාරකමකට රජය ඉඩ තබා නොමැති බවත්, රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපතිවරයාගේ උපදෙස් මත දැනමටමත් ක්‍රියාත්මක කර තිබෙන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට දේශපාලනයෙන් තොර ආයතනයක් ලෙස කටයුතු කරන බවත්, රටේ නීතියේ ආධිපත්‍ය උපරිමයෙන් සුරැකීමට පොලිස් දෙපාර්තමේන්තුව කැපවී සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිරාන් අලස්,

“පොලිස් දෙපාර්තමේන්තුව වර්තමානය වන විට දේශපාලනයෙන් තොරව වැඩකටයුතු කරගෙන යනවා.ඒ වගේම රටේ නීතිය උපරිමයෙන් සුරැකීමට ද කැප වී සිටිනවා. පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සපයාදීමට ද රජය පියවර ගෙන තිබෙනවා. වත්මන් රජය පත්වී තවම ගතවී ඇත්තේ වසරක පමණ කෙටි කාලයක්. ඒ නිසා වසරක් වැනි කාලයක් තුළ එහි සියලු අඩු පාඩු සම්පූර්ණ කිරීමට හැකියාවක් නැහැ.
නමුත් වසරක් තුළ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සැලකිය යුතු වැඩකොටසක් ඉටු කර තිබෙනවා. දැනට පොලිස් දෙපාර්තමේන්තුව තුළ නිලධාරීන් 85000ක් පමණ සිටිනවා. පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවරම මැඩලීම සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා. ඒ වගේම මත්ද්‍රව්‍යවලින් තරුණයන් බේරා ගැනීමේ පුළුල් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා තිබෙන බව කිව යුතුයි.
දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරකම්වල වැඩිවීමක් පසුගිය කාල සීමාව තුළ දක්නට ලැබුණා. එම නිසා විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය, ආරක්ෂක අංශ සමඟ එක්ව දකුණු පළාතේ සුවිශේෂී මෙහෙයුම් ආරම්භ කළා. ඒ අනුව දකුණු පළාත තුළ පාතාල ක්‍රියාකාරකම් සැලකිය යුතු අන්දමින් මර්දනයට කිරීමට හැකියාව ලැබී තිබෙනවා.
ඒ වගේම රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ දැනටමත් රජය ක්‍රියාත්මක කර තිබෙනවා. වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිදු ක්‍රියාකාරකමට රජය කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැහැ.පාස්කු ප්‍රහාරයට අදාළ සම්පූර්ණ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත කතෝලික සභාවට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශනවලට කතෝලික සභාව ද සහාය ලබාදිය යුතුයි.
ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය දැන් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය කාලය පුරාම විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ජනතාව විශාල වශයෙන් පෝලිම්වල රැඳී සිටියා. ඒ වගේම එහි විවිධ වංචා, දූෂණ සිදු වුණා. දැන් එවැනි වංචනික ක්‍රියාවන්ට කිසිඳු ඉඩක් හිමි වන්නේ නැහැ.
ඒ වගේම දැන් ඕනෑම අයෙකුට පෝලිම්වල නොසිට විදෙස් ගමන් බලපත්‍රය ලබා ගන්න පුළුවන්. විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළව ඇගිලි සළකුණු ලබා ගැනීමේ ස්ථාන 51ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට ද කටයුතු කර තිබෙනවා. මේ නිසා කෙටි කාලයක් තුළ විදෙස් ගමන් බලපත්‍රය නිවෙසටම ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවාවන් කාර්යක්ෂමව කරගෙන යෑමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඇතැම් අවස්ථාවල පරිගණක දෝෂ සහ බිඳවැටීම් සිදු වෙනවා. එවැනි ප්‍රශ්න තවදුරටත් සිදුනොවීමට නවීන තාක්ෂණය යොදාගැනීමට අප කටයුතු කර තිබෙනවා.
‍පසුගිය කාලය පුරාවට රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති වුණා. මීට අමතරව මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙනුත් සොයා බැලීම් සිදුකරනවා. ඒ වගේම රාජ්‍ය නොවන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන සංවිධාන තහනම් කිරීමටත් පියවර ගන්නවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උතුරේ ගිනි ඇවිලෙයි - අපේ භූමිය අපිට ඕනේ, හමුදාව ඉවත්වෙනු
02:35
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
00:00
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:35
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයට යන ජනතාවගෙන් පොලිසිය කළ ඉල්ලීම
03:08
Video thumbnail
ගුජරාට් ප්‍රාන්තයේ සිට සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:48
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවට දිලිත් සැරටම දෙයි
07:08
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
20:16
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් 49කට ජනාධිපති සමාව
00:52
Video thumbnail
විනාශ වීගෙන යන ක්‍රිකට් ගැන හිටපු ක්‍රීඩා ඇමති කිව්ව දේ..අපේ කොල්ලන්ට හූ කියන්න එපා
04:40
Video thumbnail
බදුල්ලේ වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..මෙන්න නවතම දර්ශන
01:33


?