spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රට තුළ ඇති ඉන්ධන තොග ගැන බලශක්ති ඇමති ජනතාව දැනුවත් කරයි

රට තුළ මේ වනවිට පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා දැනුම්දීමක් කරනවා.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ අමාත්‍යවරයා මේ බව දන්වා ඇති අතර ඔහු පවසන්නේ රට තුල මේ වනවිට ඩීසල් තොග මෙට්‍රික් ටොන් 17,077ක්, සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 1,072ක්, පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 37,391ක් සහ පෙට්‍රල් 95 වර්ගයෙන් මෙට්‍රික් ටොන් 6,142ක් පවතින බවයි.

හෙට (29) දිනයේ දී තවත් ඩීසල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බව ද අමාත්‍යවරයා එම ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.

මේ අතර අද (28) දිනයේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව අමාත්‍යවරයා මීට පෙර දැනුම් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?