රට තුළ ආරක්ෂිත සහල් සංචියක් නැහැ – කෝපා කමිටුවේදී අනාවරණයක්

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත සහල් සංචිත පවත්වාගෙන යාම හා ගබඩා උපයෝජනයේ කාර්යසාධනය පිළිබඳ විගණන වාර්තාව විමර්ශනය කිරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව පසුගිය දා (21) කෝපා කමිටුව හමුවට කැඳවා තිබුණා.

එහිදී නිලධාරීන් සඳහන් කළේ සිය දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටිය ද එය නොලැබීම හේතුවෙන් ඉහත සඳහන් සංචිත පවත්වා ගැනීම සිදු කළ නොහැකි වූ බවයි.

සාමාන්‍යයෙන් සහල් මෙට්‍රික් ටොන් 1,00,000ක් පවත්වා ගැනීමට වසරකට රුපියල් බිලියන 22ක් පමණ අවශ්‍ය වන බවද මෙහිදී අනාවරණය වුණා.

මෙට්‍රික් ටොන් 2,50,000ක් ගබඩා කළ හැකි ගබඩා සංකීර්ණයක් විද්‍යාත්මකව නවීකරණය කළ ද එහි ධාරිතාවය උපරිමයට සමාන සංචිත ප්‍රමාණයක් ගබඩා කිරීමට මේ තාක් නොහැකි වූ බවත් මේ වන විට ලැබෙමින් පවතින ලෝක ආහාර වැඩසටහනේ අධාර සහ අනෙකුත් රටවල් වලින් ලැබෙන සහල් ආධාර ගබඩා කිරිම මේ වන විට ආරම්භ කර ඇති බවත් එහිදී නිලධාරීහු දැනුම් දුන්නා.

රට පුරා පවතින රජයේ ආහාර ගබඩා සංකීර්ණ පිළිබඳ නිසි පර්යේෂණයක් සිදුකොට දත්ත එක්රැස් කරන ලෙස සහ ගබඩා වල අයිතිය පිළිබඳ නිශ්චිත තොරතුරු ඇතුළත් වාර්තාවක් මාසයක් තුළ ඉදිරිපත් කරන ලෙස ද කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, රටතුළ නිශ්චිත සහල් සංචිත පවත්වා ගතයුත්තේ කුමන ආයතනය විසින්ද යන්න පිළිබඳ සොයාබලා නිවැරදි දැනුවත් කිරීමක් සිදු කරන ලෙස කමිටු සභාපතිවරයා වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාවෙත දැනුම් දෙනු ලැබුවා.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩා සංකීර්ණ වෙනත් රජයේ හෝ පෞද්ගලික ආයතන වෙත කුලී පදනම මත ලබාදීමේ දී ඇතිවී තිබෙන අක්‍රමිකතා සහ මාසික කුලී අයකරගැනීමේ ගැටළු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

එහිදී කමිටුව දැනුම් දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ සහයෝගය ද සහිතව අදාළ ගිවිසුම් අවශ්‍ය ලෙස සකසා ගන්නා ලෙසයි.

සාර්ක් සංවිධානයේ කොළඹ ප්‍රඥප්තිය හා 16 වන සමුළු රැස්වීමට අනුව මෙට්‍රික් ටොන් 8000ක විශේෂ සහල් සංචිතයක් පවත්වාගත යුත වීම සහ 2008/8/27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව දිවයින පුරා පවතින ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩාවල මෙට්‍රික් ටොන් 100,000 ක ආරක්ෂිත සහල් සංචිත පවත්වාගෙන යාම සිදු කළ යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51