AFC Banner
Empty Ad
Empty Ad

රට තුළ ආරක්ෂාව තහවුරු කරන්න – ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් (වීඩියෝ)

එළෙඹෙන ජනාධිපතිවරණය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම කාලය තුළ ජනාධිපති අපේක්ෂකයන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම සමස්ත රටේම ආරක්ෂාව උපරිම අයුරින් තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (26) පාර්ලිමේන්තුවේදී ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙලෙස උපදෙස් ලබාදෙනු ලැබුවා.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි මෙම සියලු කටයුතු සිදුකරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.

එමෙන්ම පසුගිය වසර දෙකක ඉතාම සංකීර්ණ කාලය තුළ අමාත්‍යාංශයක් ලෙස බරපතල තීන්දු තීරණ ගැනීමට සිදුවූ බවත් එම කාලය තුළ ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කරමින් රට ස්ථාවර කිරීමට හැකි වූ බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එබැවින් ඒ සදහා කැපවූ සියලු පාර්ශ්වයන්ටජනාධිපතිවරයා වෙනුවෙන් ස්තූතිය පළ කර සිටි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති සියලු ආයතනවල කටයුතු නිසිපරිදි ඉදිරියේදීත් ඉටුකරන ලෙස උපදෙස් ලබා දෙනු ලැබුවා.

ත්‍රිවිධ හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීමට අදාළ කරුණු මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන්ද මෙම කාරක සභා රැස්වීමේදී අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?