රටේ මිනිස්සු මත්කිරිමට තැත්කල අඹුසැමි යුවලක් අත්අඩංගුවට

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 315 යි මිලි ග්‍රෑම් 700 ක් සන්තකයේ තබාගෙන සිටියේ යැයි අඹුසැමි යුවලක් අනුරාධපුර යාපනය මංසන්ධිය ප්‍රදේශයේ දී පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ සෝදිසි කිරීමකිනි.

මෙම අඹුසැමි යුවල මිහින්තලේ ඉහළගම තිරප්පනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය කරගෙන ඇති බව වාර්තාවේ .මෙම හෙරොයින්වල දළ වටිනාකම රුපියල් කෝටිතුනකට අධික බවට ගණනය කෙරේ.