spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටේ ජරමර නිසා පාර්ලිමේන්තුවේ පිරිත් පිංකමත් කල්යයි

පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ පිරිත් පින්කම වහාම කල් දමන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහි නිලධාරීන්ට උපදෙස්දී ඇත.

සැලකිය යුතු වියදමක් දරා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ පිරිත් පින්කම ගැන පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහක් ඇතිවිය.

ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු මුදලක් වැය කරමින් එවැනි කටයුතු සංවිධානය කිරීම සුදුසු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්හ.

මෙම පිරිත් පින්කම අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් අනිද්දා (25) සහ ලබන (26) වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණ.

මේ අතර පාර්ලිමේන්තු නිලධාරීයකු මෙම පිරිත් පින්කම සඳහා නායක ස්වාමීන් වහන්සේලා පිරිසකට ආරාධනා කිරීමට පසුගිය දිනෙක උන් වහන්සේලා වැඩ සිටින විහාරස්ථානවලට ගොස් ඇති අවස්ථාවේදී එක් නායක භික්ෂූන් වහන්සේ නමක් ” මේ වෙලාවේ පාර්ලිමේන්තුව ප්‍රමුඛත්වය දෙන්න ඕන මොනවටද කියලා තේරුම්ගන්න ඕන මහත්තයෝ ” යනුවෙන් දැඩි කණස්සල්ලෙන් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?