රටේ ජරමර නිසා පාර්ලිමේන්තුවේ පිරිත් පිංකමත් කල්යයි

පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ පිරිත් පින්කම වහාම කල් දමන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහි නිලධාරීන්ට උපදෙස්දී ඇත.

සැලකිය යුතු වියදමක් දරා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ පිරිත් පින්කම ගැන පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහක් ඇතිවිය.

ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු මුදලක් වැය කරමින් එවැනි කටයුතු සංවිධානය කිරීම සුදුසු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්හ.

මෙම පිරිත් පින්කම අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් අනිද්දා (25) සහ ලබන (26) වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණ.

මේ අතර පාර්ලිමේන්තු නිලධාරීයකු මෙම පිරිත් පින්කම සඳහා නායක ස්වාමීන් වහන්සේලා පිරිසකට ආරාධනා කිරීමට පසුගිය දිනෙක උන් වහන්සේලා වැඩ සිටින විහාරස්ථානවලට ගොස් ඇති අවස්ථාවේදී එක් නායක භික්ෂූන් වහන්සේ නමක් ” මේ වෙලාවේ පාර්ලිමේන්තුව ප්‍රමුඛත්වය දෙන්න ඕන මොනවටද කියලා තේරුම්ගන්න ඕන මහත්තයෝ ” යනුවෙන් දැඩි කණස්සල්ලෙන් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01