රටවල් 24කට පමණක් යා හැකි සුවිශේෂී නෞකාවක් අද කොළඹ වරායට

ලොව විශාලතම බහලුම් නෞකාව වන EVER ACE නෞකාව අද කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.

කොළඹ වරාය ඇතුළු ලෝකයේ ම වරායවල් 24කට පමණක් ඇතුළු විය හැකි මෙම නෞකාව කොළඹ වරායට ඇතුළු වීම ශ්‍රී ලංකා වෙළෙඳ නාවික ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේ.

EVER ACE නෞකාව, කොළඹ වරාය වෙත පිවිසෙන මංගල ගමන ද මෙය බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේ.

ලොව විශාලතම බහලුම් නෞකාව වන EVER ACE නෞකාවේ දිගට මීටර් 400ක් වන අතර එහි පළල මීටර් 61.5කි. එය බහාලුම් 23,992ක ධාරිතාවකින් සමන්විතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?