රටම කැළඹූ ඇඹිලිපිටිය දෙදරු මවගේ කෲර ඝා’ත’න’යේ සැඟවුණු කතාව එළියට

ඇඹිලිපිටිය, මහ රෝහල ආසන්නයේ සැමියා විසින් බිරිදගේ හිසට තැබූ වෙඩි පහරකින් දෙදරු මවක් අවාසනාවන්ත ලෙස පසුගිය 26 වැනිදා මිය ගියා.

ඇය අබේසිංහ කම්කානම්ගේ ඉන්ද්‍රා මල්කාන්ති (35) නම් වූ දෙදරු මවක් වන අතර සැකකරු වීරසිංහ ආරච්චිගේ ධම්මික කුමාර හෙවත් අනුර (47) නමැති මල් ශාලා හිමි කරුවෙක්.

මියගිය කාන්තාවගේ සොහොයුරා සැකකරුගේ මල්ශාලාවෙහි සේවය කල අයෙක් වන අතර ඔහු ඔස්සේ සැකකරු එම කාන්තාව හදුනා ගන්නා අතර මොවුන්ගේ විවාහය සිදුවන්නේ මීට වසර පහකට පමණ පෙරයි.

අදාළ කාන්තාව සහ සැකකරු මීට පෙර වෙනත් විවාහ ජීවිත ගත කර වෙන්ව සිටි අය බවද සඳහන් වෙනවා.

සැකකරුට මීට පෙර විවාහයේ දරු දෙදෙනෙකු සිටින අතර විවාහ වී සිටි කාන්තාව සමග වරින්වර ඇතිවූ ඇතිවූ ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඇයව නීතියෙන් වෙන්කර නඩත්තු ගෙවමින් සිටිනවා. මියගිය කාන්තාව‍ද පෙර සැමියාගෙන් වෙන්ව සිටි තැනැත්තියක්.

පවුල් ආරවුල් දුරදිග යයි

මෙම දෙදෙනා අතර විවාහයෙන් පසුව වරින්වර අරවුල් ඇතිව තිබෙන අතර ඒවා වඩාත් දරුණු තත්ත්වයට පත්වු අවස්ථාද තිබූ බව පොලීසිය පවසනවා. එම පීඩා දරාගත නොහැකිව මෙම කාන්තාව ඇයගේ මව වෙත ගොස් රැදී සිටි අවස්ථාවන්ද ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පසුගිය 26 වැනිදා උදෑසන ඇතිවූ ගැටුමක් හේතුවෙන් අදාළ කාන්තාව දරුවන් සමග ඇඹිලිපිටිය දර්ශණගම ප්‍රදේශයේ පිහිටි මවගේ නිවසට ගොස් තිබෙනවා.

එලෙස යන අවස්ථාවේ තමා සතුව තිබූ ලියකයවිලි පවා ඇය රැගෙන ගොස් තිබුණු අතර පසුව සැකකරු විසින් දුරකතනයෙන් ඇයට “උඹ ආවේ නැත්නම් මරා දමනවා” යැයි කියමින් තර්ජනය කල බව සදහන් වෙනවා.

මේ නිසා එදින රාත්‍රී හතට පමන ඇය තමන්ගේ සොහොයුරා සහ සොහොයුරාගේ බිරිද සමඟ සැකකරුගේ නිවස වෙත පැමිණ තිබුණා.

ඇය පැමිණෙන විට සැකකරු ඇයට තර්ජනය කල බව සදහන් වෙන අතර ඇයව නිවසේ නතරකොට ඇගේ සොහොයුරා බැහැරව යන අවස්ථාවේදී ඇය විසින් පවසා ඇත්තේ “මල්ලී මාව මරා දමාවි මොහු සමග ජීවත් වන්න බැහැ” යනුවෙනි

ඒ අවස්ථාවේ සැකකරුගෙන් දිගින් දිගටම එල්ලවූ තර්ජන හමුවේ මෙම කාන්තාව තම කුඩා දරුවාද රැගෙන නිවසින් පිටතට පැමිණ ඇත.

නිවසේ සිට ඉදිරිපස මාර්ගයේ මීටර් 10ක් පමණ ගමන් කරද්දී සැකකරු ගිණි අවියක් රැගෙන වේගයෙන් පැමිණ ඇති අතර ඇගේ හිසකෙස්වලින් අල්ලාගෙන සැකකරු ඇයව තම මුහුණ දෙසට හරවාගෙන විගස නලල පෙදෙසට වෙඩි තැබූ බව පොලිස් පරික්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ.

ඒ අවස්ථාවේ ඇගේ මොළයේ සහ හිසෙහි කොටස් මාර්ගයේ විසිරී යමින් ඇය ඇද වැටී තිබුණා. 

මෙම බිහිසුණු සිදුවීම සිදුවන අවස්ථාවේ ඇගේ සොහොයුරා එම ස්ථානයට නුදුරින් ගමන්කරමින් සිට ඇති අතර වහාම දිව ආ ඔහු ඇයව ඇඹිලිපිටිය මහ රෝහලට රැගෙන ගොස් තිබුණත් ඒ වන විටත් මෙම කාන්තාව ජීවිතය හැරදා ගොස් තිබුණා.

මෙම සිදුවීම 26 දා රාත්‍රී 7.30ට පමණ ඇඹිලිපිටිය මහ රෝහල ආසන්නයේ දී 5 වන පටු මගෙහි සැකකරුගේ නිවස ඉදිරිපිට දී සිදුව තිබුණා.

ඝාතකයා කොටු කරගනී

සිද්ධිය වූ අවස්ථාවේදීම මේ පිළිබද ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිරෝෂන් අබේකෝන් මහතා වෙත තොරතුරු ලැබුණා.

වහාම ක්‍රියාත්මක වූ නිරෝෂන් මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඒ පිළිබද විමර්ශන අරඹා තිබේ. ඒ අවස්ථාව වන විට සැකකරු තම දරු දෙදෙනා සමග නිවසේ සැහැල්ලුවෙන් රැදී සිටි බව පොලීසියට දක්නට ලැබුණා.

අපරාධය සිදුකළ අවස්ථාවේ සැකකරු හැද සිටි ලේ තැවරුණු කමිසයක් හා අපරාධය සදහා යොදාගත් සැකකෙරෙන නිවස ආසන්නයේ පාලු ඉඩමක සඟවා තිබූ නීති විරෝධී බෝර 12 ගල්කටස් වර්ගයේ  ගිණි අවියද පොලිසියට හසුවී තිබෙනවා.

නිවස පරික්ෂා කිරීමේදී එම නිවසේ තිබූ සී.සී.ටී.වී කැමරා පද්ධතිය සහත තාක්ෂණික උපකරණ කට්ටලය කඩා බිද දමා තිබියදී සොයාගෙන තිබුණා.

ඉන් පසු අසල නිවෙස්වල සී.සී.ටී.වී කැමරා පද්ධති වල රූප රාමුද පොලීසිය මඟින් පරික්ෂා කර තිබෙනවා.

නීතිය ක්‍රියාත්මක වූ හැටි

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (27) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තොම්බර් මස 5 වැනි දින දක්වා සැකකරු රක්ෂිත බන්ධාරගත කිරීමට ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය විසින් නියෝග කර තිබෙනවා.

මේ පිළිබද පශ්චාත් මරණ පරික්ෂණයද ඇඹිලිපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ මෙහෙය වීමෙන් 28 වන දින සිදු කිරීමට නියමිතව තිබුණා.

මෙම සිද්ධියෙන් අනාරක්ෂිතවූ කුඩා දරු දෙදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් පරිවාස වාර්තාවක් සමඟ මියගිය කාන්තාවගේ මවට භාරදීමට කටයුතු කරමින් තිබේ. ඒ අතර සැකකරුට මෙවන් ගිණි අවියක් ලැබුනේ කෙලෙසින්ද යන්න පොලීසය වැඩිදුරටත් විමර්ශන කරමින් තිබෙනවා.

එමෙන්ම විමර්ශන, විද්‍යාත්මක, පර්වේෂණ හා ඇසින් දුටු සාක්ෂිද මෙම සිද්ධියේ විමර්ෂණයට වඩාත් හොදින් උපයෝගී කර ගැනීමට පොලීසිය ක්‍රියාකරමින් ඇත. එයට ස්ථානීය අපරාධ ඒකකයේ සහය හා රජයේ රස පරික්ෂක වරයාගේ සහයද ලබා ගැනීමට පොලීසිය කටයුතු යොදමින් පවතී.

අදාළ සිදුවීමේ ශාක්ෂි එකිනෙකට වඩාත් බද්ධ වන අයුරින් පවතින නිසා ඉතාමත්ව පාරදෘෂ්‍ය විමර්ශණයක් සිදු කළ හැකි බව පොලීසිය පවසයි.

සැකකරුට මිණි මැරීම, මිනී මැරීමට තැත් කිරීම, ඒ සදහා සූක්ෂම ලෙස ක්‍රියා කිරීම, යටතේ කරුණු වාර්තා කර තිබෙන බව මෙම සිද්ධියේ ප්‍රධාන විමර්ශණය සිදු කරණ ප්‍රධාන පොලිස් පරික්ෂක නිරෝෂන් අබේකෝන් මහතා පවසනවා.

(ප්‍රගීත් ජනක – ඇඹිලිපිටිය) am.lk



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38