‘රටම එකට’ මෙහෙයුමෙන් ගතවූ දින අටට 9,216ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය මැඩලීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දී ඔක්තෝම්බර් 30 වනදා සිට ගත වූ දින 08 තුළ දී සැකරුවන් 9,216 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 262 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව ගංජා කිලෝග්‍රෑම් 312 අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.