රටටම ආදර්ශයක් දුන් දඹුල්ලේ නිලුෂිකා : බැංකුවෙන් වැඩියෙන් දුන් ලක්ෂ 13 ආපසු භාර දෙයි

දඹුල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකට අත්වැරදීමකින් ගනුදෙනුකරුවෙකු හට වැඩිපුර ලබා දී තිබූ රුපියල් ලක්ෂ 13 මුදලක් නැවත එම බැංකුවට බාර දීමේ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඉකුත් ජුලී මස 01 වෙනිදා දින දඹුල්ල  නගරයේ රූපලාවන්‍ය ආයතනයක හිමිකාරිණියක වන නිලුක්ෂිකා ජයවර්ධන විසින් මෙම අපූරු ක්‍රියාව සිදු කර ඇත්තේ.

දඹුල්ල, යාපාගම ප්‍රදේශයේ පදිංචි ඇය තම හිතවත් අයෙකුගෙන් ව්‍යාපාරික කටයුත්තක් සඳහා රුපියල් ලක්ෂ හතක මුදලක් අත මාරුවට ඉල්ලා තිබෙනවා.

පසුව අදාළ ව්‍යපාරිකයා විසින් දඹුල්ල නගරයේ පිහිටා ඇති රාජ්‍ය බැංකුවකට ගොස් රුපියල් ලක්ෂ හතක මුදල් සහිත බෑගය ඇයට ලබා දී පිටව ගොස් තිබෙනවා.

එම ස්ථානයේ මුදල් ගණන් කිරීමට නොහැකි නිසා ඇය එම මුදල රැගෙන තමන්ගේ රූපලාවණ්‍ය ආයතනයට ගොස්  අදාළ මුදල් ගණන් කිරීමට පටන් ගෙන තිබෙනවා.

මුදල් ගණන් කිරීම් සිදු කරමින් සිටියදී රුපියල් පන්දහසක් වටිනවා මුදල් නෝට්ටු රුපියල් ලක්ෂ 5 බැගින් වූ  බන්ඩල්  හතරක් එම බෑගයේ අඩංගු බව ඇය දැක ඇත්තේ එවිටයි.

තමන්ට රුපියල් ලක්ෂ හතක අවශ්‍යතාවය සඳහා තම හිතවත් ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා සිටි නමුත් එහි රුපියල් ලක්ෂ 20ක මුදලක් එහි ඇති බව තේරුම් ගත් ඇය වහාම තම හිතවත් ව්‍යාපාරිකයාව දැනුවත් කොට තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ රුපියල් ලක්ෂ හතක් තමන් බැංකුවෙන් ලබාගත් බවත්,  ලබාදුන් මුදල් ගණන් කිරීමකින් තොරව දමා දුන් බෑගය පිටින් එය ඇයට ලබාදුන් බවයි.

මෙම බෑගයේ රුපියල් ලක්ෂ විස්සක් ඇති බව පවසා වහාම අදාළ රාජ්‍ය බැංකුවට කතා කොට වැඩි මුදල රැගෙන යෑම සඳහා එන්නැයි දැනුම් දෙන ලෙස එහිදී නිලුක්ෂිකා ජයවර්ධන විසින් තම හිතවත් ව්‍යාපාරිකයාට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාල රාජ්‍ය බැංකුවට දැනුම් දීමෙන් පසු ‍එහි නිලධාරින් කීපදෙනකු දඹුල්ල නගරයේ පිහිටි සිය රූපලාවන්‍යාගාරයට පැමිණ, ලිඛිතව මුදල් භාරගත් බව සඳහන් කරමින් වැඩිපුර ලබාදී තිබු  මුදල් ආපසු රැගෙන ගිය බව ඇය ප්‍රකාශ කර සිටියා.

කාගේ හෝ රැකියාවක් අහිමි වීම අනුන් සතු විශාල ධනයක් තමන් සතු කර  ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති නිසාත් තමන් මුදල් හදිසියකදි අත් මාරුව සඳහා විශ්වාසයට ලබාගත් සහෝදර ව්‍යාපාරිකයාගේ විශ්වාසය පවා කිසිදු ආකාරයකින් කඩ නොකළ යුතුය යැයි තමන් විශ්වාස කළ බවත්, තවත් කෙනෙකුට ආදර්ශයක් වෙමින් එම විශාල මුදල නැවත ලබාදීමට පියවර ගත් බව ඇය මෙහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23