spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටක් නැතිව ඇවිත් 2023 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ඩැහැගත් අරීනා (ඡායාරූප)

මෙවර ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවළ අංශයේ ශූරතාව දිනා ගැනීමට බෙලරූස්හි අරීනා සබලෙන්කාට හැකියාව ලැබුණා.

ඒ, අවසන් තරගයේදී අවසන් මහා තරගයේදී විම්බල්ඩන් ටෙනිස් ශූරිය වන කසකස්ථානයේ එලීනා රයිබකිනා තරග වට 02ට 01ක් ලෙස පරාජය කරමින්.

රුසියාවට සහ බෙලරූස් රාජ්‍යයට පනවා ඇති ජාත්‍යන්තර තරග තහනම හේතුවෙන් අරීනා මෙවර ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වූයේ ස්වාධීන ක්‍රීඩිකාවක් ලෙස වීම ද විශේෂත්වයක්.

ඒ, අනුව ස්වාධීන ක්‍රීඩිකාවක් ලෙස සහභාගී වී ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතාවක් දිනූ ලොව පළමු ක්‍රීඩිකාව ලෙසට අරීනා සබලෙන්කා ඉතිහාසයට එක්වුණා.

සබලෙන්කා 2018 වසරේ ඇමරිකා විවෘත ටෙනිස් ශූරිය වූ අතර, ඇය ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාවයට හිමිකම් කී පළමු අවස්ථාව මෙයයි.

අවසන් තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 04ට 06ක්, 06ට 03ක් සහ 06ට 04ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?