spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයේ සුබ සාධන ප්‍රතිලාභ ලබන අයට විශේෂ නිවේදනයක්

සුබ සාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය හෙට(30) දිනයෙන් අවසන් වීමට නියමිත වුවත් එම කාලය ඔක්තෝබර් මස 15 වන දා දක්වා දීර්ඝ කර ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් අද(29) නිවේදනය කළා.

මේ සදහා සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ජිවනාධාර සහ මහජන ආධාර ලබන සියලු ප්‍රතිලාභීන්, පොරාත්තු ලේඛනවල සිටින අයදුම්කරුවන් සහ ප්‍රතිලාභ අපේක්ෂිත සියලු පිරිස් මෙම නව ලියාපදිංචිය සඳහා ඇතුළත්වීම අනිවාර්ය කර තිබෙනවා.

මේ සඳහා අයදුම්කරන සියලු පුද්ගලයින් ආදර්ශ අයදුම්පත සම්පූර්ණ කර තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදිය යුතු වනවා.

මෙහිදි දැනට ප්‍රතිලාභ ලබන කිසිදු පාර්ශවයකට එය අහිමි විමේ අවධානමක් නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?