AFC Banner
Empty Ad
Empty Ad

රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින්න – රජයේ සේවකයින්ට නව නියෝගයක්

සමාජ මාධ්‍යය ඔස්සේ රජය සහ රජයේ ප‍්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙසට වූ නියෝගයක් රාජ්‍ය සේවකයන් වෙත නිකුත් කර තිබෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් නිකුක් කර තිබෙන මෙම නියෝගය කඩකළහොත්, විනය කි‍්‍රයාමාර්ග ගන්නා බවටද රාජ්‍ය සේවකයන්ට අනතුරු හගවා තිබෙන බවයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ.

ප‍්‍රාදේශීය ලේකම්වරු-සංවර්ධන නිළධාරීන් සහ ග‍්‍රාමසේවකවරු රජය සහ රජයේ ප‍්‍රතිපත්ති සමාජ මාධ්‍යය ඔස්සේ විවේචනය කරමින් සිටින බවට ලැබුණු පැමිණිල්ලක් මත රජය මෙම පියවර ගෙන තිබේ.

ආයතන සංග‍්‍රහය අනුව, රාජ්‍ය සේවකයන් රජය විවේචන කිරීම වැරැුද්දක් බවත් ඊට එරෙහිව දැඩිපියවර ගත හැකි බවත් අදාල චක‍්‍රලේකයේ සදහන් ය.

රජය සහ රජයේ ප‍්‍රතිපත්ති විවේචනය කරන රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ලැබෙමින් පවතින පැමිණිලි සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.

පැමිණිලි වැඩිම සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ග‍්‍රාමසේවා නිළධාරීන්ට එරෙහිව බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු පා.ම. J.C අලවතුවල සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:33:51
Video thumbnail
මිනිස්සු මාව එපා කියන්නේ නෑ - ෆේස්බුක් බැලුවම ඒක පේනවනේ
04:49
Video thumbnail
සජිත් ජනාධිපති වුණාම බාර් ලයිසන් දෙන්නම් - මෙන්න හෙළිදරව්ව
06:06
Video thumbnail
ඉස්සර කියපු බොරු කතා සහ මල්පාරේ හොරෙන් ගහන ගේම් එළියට
09:02
Video thumbnail
සජිත් කියන්නේ තාත්තා වගේම මිනිහෙක් - සජබේ මන්ත්‍රී කියන කතාව
04:07
Video thumbnail
මාලිමාවට තුනෙන් දෙකක් අරන් දෙන්න හිමිවරු දැන්ම ගේමට බහියි
12:12
Video thumbnail
අනුර ගැන කියපු ඔක්කොම බොරු කියලා ඔප්පු වුණා - මල්වතු මහා නා හිමි කියයි
02:55
Video thumbnail
ජාතික භික්ෂූ පෙරමුණ අස්ගිරියේ ගිහින් අනුර ගැන කරපු වර්ණනාව
07:34
Video thumbnail
සංවේදී කතාවක් කරමින් බන්දුල දේශපාලනයෙන් සමුගයි
02:20
Video thumbnail
ශිෂ්‍යත්ව පේපරේ එළියට පැන්නුවේ මාලිමාවේ ගුරුවරයෙක් ?
01:55

?