රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වන්නේ දරුවන්ට හොඳම දේ ලබාදීමයි – අගමැති හරිනි

පාසල යනු දරුවන්ට දැනුම පමණක් ලබාදෙන ස්ථානයක් නොව, එය දරුවාට ලැබෙන සුරක්ෂිතම, ආරක්ෂිතම සහ ආදරය පිරුණු ස්ථානය විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරනවා.

කුරුණෑගල, සාමෝදය විද්‍යාලයේ නවීන පහසුකම් සහිත තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සහ ශ්‍රවණාගාරය සිසු අයිතියට පැවරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස අද (05) සහභාගි වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ,

“අප මෙම විද්‍යාල භූමියට පැමිණි මොහොතේ සිටම දරුවන්ගේ දක්ෂතා දැකගැනීමට හැකි වුණා. අනාගතයේදී අපේ රටේම ජනතාව මේ දරුවන්ගේ දක්ෂතා දැකගැනීමට වාසනාවන්ත වනු ඇති. රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වන්නේ දරුවන්ට හොඳම දේ ලබාදීමයි. ගොඩනැගිලි පමණක් ලබාදීමෙන් අධ්‍යාපනය සම්පූර්ණ නොවන අතර එහි අන්තර්ගතය ද හොඳම දේ විය යුතුයි. දරුවා සිය නිවසින් පිටවී වැඩිපුරම කාලයක් ගත කරන්නේ පාසලේ බැවින්, එම පරිසරය තුළ සෙනෙහස පිරී තිබීම අනිවාර්ය බවයි.

මෙහිදී මාස 07ක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන 41ක වියදමින් මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කර දරුවන්ගේ භාවිතයට ලබාදීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යතුමිය සිය ප්‍රසාදය පළ කළ අතර අනතුරුව උත්සව අවස්ථාව සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යතුමිය විසින් විද්‍යාල භූමියේ නා පැළයක් ද රෝපණය කරනු ලැබුවා.

මෙම අවස්ථාව සඳහා කිතුල්ගොල්ලේ ඥානරතන හිමි, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. කේ. එස්. අස්ලම්, අශෝක ගුණසේන, නීතිඥ සරත් කරුණායක, වයඹ පළාත් අධ්‍යාපන ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය සභා නියෝජිතයින්, ප්‍රදේශයේ විදුහල්පතිවරුන් සහ විශාල පිරිසක් සහභාගි වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42