රජයට පාඩු කලේයැයි කෙහෙලියට අධි චෝදනා

අල්ලස් කොමිසම විසින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු දෙදෙනෙකුට විරුද්ධව අද (28) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.

මෙලෙස අධිචෝදනා භාරදීමෙන් පසුව අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළ අතර නඩුව නැවත නොවැම්බර් මස 03 වනදා කැඳවීමට නියමිතය.