මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අභියාචනයක් අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගැනුණා.
මෙම කරුණට අදාළව ඉදිරියේ දී අභියාචනයක් ඉදිරිපත් කිරීමට සිදුවුවහොත් එහිදී මෙම කරුණ ඉදිරිපත් කිරීමේ අයිතිය රඳවා ගනිමින් අදාළ අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.













