යුද හමුදා බුද්ධි තොරතුරකින් කේරල ගංජා තොගයක් මාට්ටු

යුද හමුදා බුද්ධි නිලධාරීන් හට ලද තොරතුරකට අනුව හොරණ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින්, කලුතර දකුණ, පලාතොට ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර තිබුණා.

මෙම වැටලීම මඟින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ට අයත් කේරල ගංජා කිලෝග්‍රෑම් 04ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය සූක්ෂම අයුරින් හමුව ඇති අතර ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා එම මත්ද්‍රව්‍ය තොගය කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත ලබාදී තිබුණා.