යුද හමුදාවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා පොලීසිය වෙත රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිය දායකත්වය සපයා ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව නිවේදනය කරයි.රට තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් හදිසි නීතිය පැනවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදුවෙන බවද යුද හමුදාව සඳහන් කරයි.

සාමකාමී වාතාවරණය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අද (11) දින ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා සංග්‍රාමික විශේෂ සන්නද්ධ රථ යොදාගනිමින් කොළඹ නගරය ආශ්‍රිතව මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක ස්ථාපනය කිරීම සඳහා කටයුතු සිදු කරන බවද එම නිවේදනයේ සදහන්

තවද කලහකාරී කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩකාරී පිරිස් රජයේ හෝ පෞද්ගලික දේපලවලට හානි සිදු කිරීම,වාහන නවතා සිදුකරන පරීක්ෂාවන් වැළැක්වීම,කොල්ලකෑම්,ජීවිත හානි, හරදීම් වැළැක්වීමට හා උපරිම පියවර ගැනීමටත්, අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීම් ඇතුළු නීත්‍යානුකූල බලය භාවිත කිරීමට සියලු පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානයෙන් උපදෙස් ලබා දී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55