යුද්ධයේ සැබෑ තත්ත්වය හෙළිකරන විශේෂ වාර්තාවක් ජනපතිට

ශ්‍රී ලංකාවේ පැවතියේ කුමන ආකාරයේ යුද්ධයක්ද යන්න පැහැදිලි කිරීම වෙනුවෙන් සකස් කළ විශේෂ වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසනවා.

ජිනීවා නුවර පැවැත්වෙන සෑම මානව හිමිකම් සමුළු වාරයකදීම ශ්‍රී ලංකා හමුදාවන් යුද අපරාධ සිදුකළ බවට චෝදනා නඟන බවත්, එයට පිළියමක් ලෙස සහ යුද්ධයේ ඇත්ත තත්ත්වය පෙන්වා දීම අරමුණින් අදාළ වාර්තාව සකස් කළ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා,

රටක ජාතික ආරක්ෂාව ඉතාම වැදගත්. රටේ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි වාතාවරණයක් තිබිය යුතුයි. ඒ වගේම ආයෝජන අවස්ථාව ලබා ගැනීමේදී ද රටක ජාතික ආරක්ෂාව තහවුරුව තිබීම ඉතා වැදගත් වෙනවා.

භෞතික ආරක්ෂාව පමණක් නොව ආර්ථික ආරක්ෂාව, ආහාර සුරක්ෂිතභාවය, පරිසර ආරක්ෂාව, පුද්ගල ආරක්ෂාවත් මෙහිදී වැදගත් වෙනවා. පසුගිය වසර 10 තුළ පමණක් පුද්ගලයන් 27,000ක් පමණ මාර්ග අනතුරුවලින් මියගොස් තිබෙනවා. තිස් වසරක යුද්ධයෙන් මියගියේ 29,000ක් පමණයි. මේ වන විට මාර්ග අනතුරු ඉතා බහුලව රටේ සිදු වෙනවා.

ඒ වගේම මත්ද්‍රව්‍යයත් ජාතික ආරක්ෂාවට බලපානවා. බලශක්තිය, සෞඛ්‍ය ආරක්ෂාවත් ජාතික ආරක්ෂාව යටතට ගැනෙනවා. ඕනෑම රටක ත්‍රස්තවාදය, අන්තවාදය, මත්ද්‍රව්‍ය උවදුර, පාතාල ක්‍රියාකාරකම් තිබෙනවා. නමුත් මේ සියල්ලක්ම ජනජීවිතය අඩාල නොවන ආකාරයට සමනය කිරීම රජයක වගකීමක් වනවා.

අප කාරක සභාවක් ලෙස රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. බෙදුම්වාදය මුල් කරගත් ත්‍රස්වාදය සහ ත්‍රස්තවාදය මුල් කර ගත් අන්තවාදය භෞතිකව පවතින තර්ජන ලෙස හඳුන්වන්න පුළුවන්.

එසේම මෙරට තුළ යුද අපරාධ සිදුවූ බව කියමින් ජිනීවා නුවර පැවැත්වෙන සෑම මානව හිමිකම් සැසිවාරයකදීම නොයෙක් ආකාරයෙන් චෝදනා එල්ල වෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙනුත් අප අවධානය යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පැවතුණේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක්. ඒ නිසා රටේ පැවතියේ කුමන ආකාරයේ යුද්ධයක්ද යන්න පැහැදිලි කිරීමේ වාර්තාවක් අප කාරක සභාව මැදිහත්ව සකස් කර තිබෙනවා.

අපි ජිනීවා මානව හිමිකම් කමිටුවට දැන්වත් සත්‍ය තත්ත්වය තේරුම් කරදිය යුතුයි. මේ නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වශයෙන් සකස් කර තිබෙන විශේෂ වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙනවා. එහි රටේ පැවති යුද්ධයේ සැබෑ තත්ත්වය පැහැදිලි කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04