යුදහමුදා කඳවුරක සෙබලෙකු වෙඩිතබාගෙන දිවි නසාගනී

යාපනය නාවට්කුලි යුදහමුදා කඳවුරේ සෙබලෙකු (22) උදෑසන සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි චාවකච්චේරි පොලීසියි පවසයි.

මෙලෙස සියදිවි හානි කොට ගෙන ඇත්තේ නාවට්කුලි යුද හමුදා කඳවුරේ 12 වන ගැමුනු හේවා බලකායට අනුයුක්ත කොට සිටි සෙබලෙකු වන බවටද යුදහමුදා පොලීසිය දැනුම් දී ඇත.

මිය ගිය යුද හමුදා සෙබලා මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු ඊයේ රාත්‍රියේ මුර සේවය සඳහා ගොස් අද අලුයම් කාලයේදී මුරකුටියේදී සිය රාජකාරී ගිනිඅවියෙන්ම වෙඩිතබාගෙන සිය දිවි හානිකරගෙන ඇතැයි මූලික පරික්ෂණ වලදී හෙලි වී ඇත.

මිය ගිය යුද හමුදා සෙබලා වෙඩිතබාගැනීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර පෞද්ගලික හේතුවක් විය හැකි බවට සැක පල කරන්නේයැයි පරික්ෂණ සිදුකරන චාවකච්චේරි පොලීසිය සහ යුදහමුදා පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03