spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්රේන ජනාධිපති කනස්සල්ලෙන්

ඊශ්‍රායල-ගාසා යුද්ධය හමුවේ යුක්රේනයේ පවතින ගැටුම පිළිබඳ ලෝකයේ අවධානය ඉවතට ගෙන යන බව එරට ජනාධිපති Volodymyr Zelensky පවසනවා.

එය 2022 වසරේ පෙබරවාරි මාසයේදී යුක්රේනයට ආක්‍රමණයක් සිදු කළ රුසියාවේ ඉලක්කවලින් එකක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

යුක්රේනයේ සටන් නතර වී ඇතැයි පැවසෙන ප්‍රකාශ ඔහු ප්‍රතික්ෂේප කරන අතර යුක්රේනයේ දකුණේ ප්‍රති ප්‍රහාරය මේ වන විට සුළු ප්‍රගතියක් ලබා ඇතැයි සඳහන් කර තිබෙනවා.

යුරෝපීය කොමිසමේ සභාපති Ursula von der Leyen සමඟ සෙනසුරාදා Kyiv හි පැවති සාකච්ඡාවේදී Zelensky මහතා ප්‍රකාශ කළේ මැද පෙරදිග යුද්ධය යුක්රේනයේ අවධානය ඉවතට ගෙන යන බව පැහැදිලි බවයි.

රුසියාව සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසට තමා පීඩනයකට ලක්ව සිටින බවට වන මාධ්‍ය වාර්තා ද සෙලෙන්ස්කි මහතා ප්‍රතික්ෂේප කරනවා.

යුරෝපා සංගමය, එක්සත් ජනපද නායකයින්, අපගේ හවුල්කරුවන් රුසියාව සමඟ සාකච්ඡා කරන ලෙසට බලපෑම් නොකරන බවයි ඔහු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?