ඊශ්‍රායල-ගාසා යුද්ධය හමුවේ යුක්රේනයේ පවතින ගැටුම පිළිබඳ ලෝකයේ අවධානය ඉවතට ගෙන යන බව එරට ජනාධිපති Volodymyr Zelensky පවසනවා.
එය 2022 වසරේ පෙබරවාරි මාසයේදී යුක්රේනයට ආක්‍රමණයක් සිදු කළ රුසියාවේ ඉලක්කවලින් එකක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
යුක්රේනයේ සටන් නතර වී ඇතැයි පැවසෙන ප්‍රකාශ ඔහු ප්‍රතික්ෂේප කරන අතර යුක්රේනයේ දකුණේ ප්‍රති ප්‍රහාරය මේ වන විට සුළු ප්‍රගතියක් ලබා ඇතැයි සඳහන් කර තිබෙනවා.
යුරෝපීය කොමිසමේ සභාපති Ursula von der Leyen සමඟ සෙනසුරාදා Kyiv හි පැවති සාකච්ඡාවේදී Zelensky මහතා ප්‍රකාශ කළේ මැද පෙරදිග යුද්ධය යුක්රේනයේ අවධානය ඉවතට ගෙන යන බව පැහැදිලි බවයි.
රුසියාව සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසට තමා පීඩනයකට ලක්ව සිටින බවට වන මාධ්‍ය වාර්තා ද සෙලෙන්ස්කි මහතා ප්‍රතික්ෂේප කරනවා.
යුරෝපා සංගමය, එක්සත් ජනපද නායකයින්, අපගේ හවුල්කරුවන් රුසියාව සමඟ සාකච්ඡා කරන ලෙසට බලපෑම් නොකරන බවයි ඔහු කියාසිටියේ.














FOOLISH COMEDIAN IDIOT BULLY UKRAINE SOCALLED PPRESIDENT. YOU BULL MUST THINK OF THE GOODNESS OF THE PEOPLE WELLNESS OF THE WCONOMY AND SAFETY OF THE COUNTRY. YOU WILL NEVER EVER WIN THE WAR AGAINST RUSSIA. YOUR COUNTRY WILL PLAT TO THE EARTH AND PEOPLE WILL DIE. FINALL YOU IDIOT WILL CATCH BY RUSSIAN TROOPS AND SHOOT OF HANG.