යුක්තිය මෙහෙයුමෙන් තවත් අපරාධකරුවන් 770ක් කොටු

ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම්වලින් අපරාධකරුවන් 770ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 567ක් සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 203ක් එම අත්අඩංගුවට ගැනුණු පිරිස අතරට අයත්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 567දෙනා අතරින් සැකකරුවන් 06 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 02ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 05ක් ද අත්අඩංගුවට ගැනුණු පිරිස අතර වනවා.

එමෙන්ම අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 203 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 21ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 160ක් ද සිටිනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 11ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 11ක් ද මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 132ක්, අයිස් ග්‍රෑම් 121ක්, ගංජා කිලෝ 15යි ග්‍රෑම් 900ක්, ගංජා පැල 5,416ක්, ඈෂ් ග්‍රෑම් 16ක්, මාවා ග්‍රෑම් 209ක් මදන මෝදක ග්‍රෑම් 128ක් සහ තුල් ග්‍රෑම් 45ක් ද මෙම මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10