යුක්තිය මෙහෙයුමෙන් තවත් අපරාධකරුවන් 770ක් කොටු

ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම්වලින් අපරාධකරුවන් 770ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 567ක් සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 203ක් එම අත්අඩංගුවට ගැනුණු පිරිස අතරට අයත්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 567දෙනා අතරින් සැකකරුවන් 06 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 02ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 05ක් ද අත්අඩංගුවට ගැනුණු පිරිස අතර වනවා.

එමෙන්ම අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 203 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 21ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 160ක් ද සිටිනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 11ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 11ක් ද මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 132ක්, අයිස් ග්‍රෑම් 121ක්, ගංජා කිලෝ 15යි ග්‍රෑම් 900ක්, ගංජා පැල 5,416ක්, ඈෂ් ග්‍රෑම් 16ක්, මාවා ග්‍රෑම් 209ක් මදන මෝදක ග්‍රෑම් 128ක් සහ තුල් ග්‍රෑම් 45ක් ද මෙම මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01