යාපනයේ වායු දූෂණය අවම කිරීම සම්බන්ධයෙන් වන පෙත්සමට දින නියම වෙයි

යාපනය අර්ධද්වීපය තුළ සිදුවන වායු දූෂණය අවම කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට සහ යාපනය මහ නගර සභාව වෙත නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජනවාරි මස 22 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

වෛද්‍ය උමා සුකී නඩරාජා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සම අද (11) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2017 වසරේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැලිකසල සහ අපද්‍රව්‍ය විවෘත දහනය සිදුකිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ බව සඳහන් කළා.

එම ගැසට් නිවේදනය පදනම් කරගෙන මෙම වායු දුෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් නීතිඥ දාබරේ සඳහන් කර සිටියා.

ඒ අනුව මෙම වැඩ පිළිවෙල සැකසීමේදී අදාල ගැසට් පත්‍රය කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල විසින් මධ්‍යම පරිසර අධිකාරියට සහ යාපනය මහ නගර සභාවට නියෝග කළා.

ඉන් අනතුරුව මෙම පෙත්සම ජනවාරි මස 22 වැනි දා කැඳවීමටද දින නියම කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28