යාපනයේ බාලිකා පාසල්වලට Whatsapp ගෲප් – පොලිසියෙන් උපදෙස්

යාපනයේ බාලිකා පාසල්වල සියලුම ශිෂ්‍යාවන්ගේ සහ දෙමව්පියන්ගේ දුරකථන අංක ලබාගෙන වහාම එම පාසල් සදහා වට්ස්ඇප් සමූහයන් නිර්මාණය කරන ලෙසට යාපනය නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත් දැනුම් දී තිබෙනවා.

ඒ සම්බන්ධයන් මේ වනවිටත් යාපනය අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන බලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙත ද දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වට්ස්ඇප් සමූහයන් පන්තිභාර ගුරුවරුන් විසින් මෙහෙයවිය යුතු අතර, අදාළ බාලිකා පාසල් අයත් පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානය මඟින් නිරන්තරයෙන් එම පාසල් හා වට්ස්ඇප් සමූහ සමඟ සම්බන්ධකම් පවත්වා ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවත් නියෝජ්‍ය පොලිස්පත්වරයා දන්වා තිබෙනවා.

යාපනයේ බාලිකා පාසල් කීපයකම ශිෂ්‍යාවන්ට බාහිර පුද්ගලයින්ගෙන් සිදුව ඇති අකටයුතුකම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවටු වාර්තා වන්නේ.

මේ අතර පාසල් සිසුවියන් නිවසින් පාසල්ට පැමිණීම නියමිත වේලාවන්, නිවසට ආපසු පැමිණීම දක්වා කාලය තුළ අවශ්‍ය කෙරෙන තොරතුරු අදාළ වට්ස්ඇප් සමූහයන් හරහා දෙමාපියන් සහ ගුරුවරුන් හුවමරු කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙම ක්‍රමවේදයට සමගාමීව යාපනයේ බාලිකා පාසල්වල ශිෂ්‍යාවන් පාසල් වෙත රැගෙන එන සියලුම රියදුරන්ගේ තොරතුරු ද පොලිස් ස්ථාන මඟින් රැස්කරගන්නා ලෙසට ද උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38