යාපනයේ තරුණයාගේ ඝාතකයෝ සැඟව සිටිය දී අල්ලයි

යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ දී පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් පහර දී විවාහක තරුණයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය – වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් ඊයේ (12) දින අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි සහ අරාලි යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිව්දෙනෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 37,32,25 සහ 22 යන වයස්වල පසුවන්නන් වන අතර, මොවුන් කිලිනොච්චිය ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තවචෙල්ලවම් පවිදරන් නැමැති තරුණයෙක් සිය බිරිඳ සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ඔහුව සහ බිරිඳව පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය 11 වනදායි.

එහිදී අදාළ සැකකරුවන් විසින් බිරිඳව අතර මඟ දමා, තරුණ සැමියා රැගෙන ගොස් පහර දී කොට්ටකාඩු රෝහල අසලට ගෙනවිත් දමා තිබුණා.

පසුව ඔහු කොට්ටකාඩු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පැවසුවේ.

පෞද්ගලික ආරවුලක් මෙම අපරාධය සිදුකිරීමට හේතු වී ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51
Video thumbnail
තිස්ස කුට්ටි ජනපති අනුර ගැන ගුණ වයයි..ෂෙඩ්වල පෝළිම් නෑ..ජනපතිට Respect කරනවා
04:52
Video thumbnail
"මෙතන කිසිම පෝළිමක් නෑනේ යන්න මහත්තයා ඔය මයික් එක අරගෙන"බොරු කරන්න එපා ඔයා - අපි සතුටින් ඉන්නේ
02:09
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33
Video thumbnail
ඉන්ධන අර්බුදය නිසා චාමරට යකා නගියි..ඔයාලට කරන්න බැරිනම් අපිට දෙන්න..කොමිස් එක අඩු කරලා දෙන්නම්
04:33
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09