spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යළි පිටියට එන දිනය කියූ වනිඳු හසරංග සමාව ඉල්ලයි

තවත් සති කිහිපයක් ඇතුලත තමාට ක්‍රිකට් ක්‍රීඩාවට යළි අවතීර්ණ වීමට හැකියාව ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු කියාසිටියේ මේවන විට තමා පුහුණු වීම් ආරම්භ කර ඇති බවයි.

ලෝක කුසලාන තරගාවලිය තමාට අහිමි වීම සම්බන්ධයෙන් කනගාටු වන බව ද වනිඳූ හසරංග මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ආබාධ තත්වය හේතුවෙන් ඔහුට මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට ද අවස්ථාව හිමිවූයේ නැහැ. වෛද්‍ය මතය අනුව ඔහුට සති 12ක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට ද සිදුව තිබුණා. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම හමුවේ වනිඳු ආබාධයකට ලක් වූ බවට ද චෝදනා එල්ල වුණා. එමෙන්ම ක්‍රීඩකයින්ගේ ආබාධ කලමනාකරණය නොකරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද බොහෝ දෙනා චෝදනා කරනවා.

ප්‍රශ්නය – ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම අහිමිවීම ගැන ඔබට කොහොමද දැනෙන්නේ ?

පිළිතුරු – ඇත්තටම මම කණගාටු වෙනවා ලෝක කුසලාන තරගාවලිය මට අහිමි වීම ගැන. මට 2019 ත් ලෝක කුසලාන තරගාවලිය අහිමි වුණා. ඒ වගේම 2023 තරගවලියත් මට අහිමු වුණා. ක්‍රීඩකයෙකුගේ පැත්තෙන් ගත්තොත් 2019 ඉඳල එක්දින තරග ක්‍රීඩා කරලා ලෝක කුසලාන 2ක් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න අහිමි වෙනවා කියන්නේ ඇත්තටම දුකක් .මගේ අබාධය ගොඩක් බලපෑවා. මට ශල්‍යකර්මයක් කලා.ඉතින් ඒ හැමදේම බලපෑවා ලෝක කුසලානය අහිමි වෙන්න.ගොඩක් මට ඇහුන කියනවා මගේ අබාධය වුනේ එල් පි එල් තරගාවලියෙන් කියල. මම ලෝකේ අංක එක වෙලා හිටිය ටි-20 තරගවල. ඉතින් රට වෙනුවෙන් ක්‍රීඩා කරපු නිසයි මම අංක එක වුණේ. 2021 සහ 2022 පටන් ගන්නකොට මම අංක එක. ඒක මට ලීග් ක්‍රිකට් තරග ක්‍රීඩා කරල ලැබුණු දෙයක් නෙවෙයි.රට වෙනුවෙන් ක්‍රීඩා කරපු නිසා ගත්ත දෙයක්. මට ගොඩක් අහන්න ලැබුනා දුකයි එහෙම අහන්න ලැබෙද්දී මම හිතල ලෝක කුසලානයට ගියේ නැත්තේ මම ලීග් ක්‍රීඩා කරලා අබාධ වුණු නිසා ඒක ගියේ නැත්තේ කියල ඇත්තටම කියන්න ඕනේ. මම ඒ ලීග් එක එල් පි එල් එක සෙල්ලම් කලේ නැති වුනත් කියනවා රටේ ලීග් සෙල්ලම් කරන්නේ නැහැ පිට ලීග් විතරක් ක්‍රීඩා කරන්නෙ කියල. ඉතින් මම කියන්න ඕනේ .එල් පී එල් එකෙන් අභාධයට ලක්වුණත් රට ගැන හිතල තමයි අවසන් තරගය ක්‍රීඩා කලේ නැත්තේ .මොකද රට වෙනුවෙන් මට ලෝක කුසලානයක් ඉස්සරහට තියෙන නිසා. සහ ආසියානු කුසලානයත් ඉස්සරහට තියෙන නිසා .ඉතින් මම ෆයිනල් එක සෙල්ලම් කරේ නැත්තේ එක නිසා ඉතින් කියන්න ඕන. ඇත්තටම ඒ ආබාධයෙන් පස්සේ මම හොඳ විගෙන ආව. මම හොඳ වුණා. මගේ අවාසනාවට ලෝක කුසලානයට සති දෙකක් තියල මම අපහු දුවද්දී running වලදී ස්ප්‍රින්ට් කරද්දී මම ආපහු අබාධයකට ලක්වුණා. මෙහෙමයි ක්‍රීඩකයෙක් අබාධයකට ලක්වෙන එක ඇත්තටම එ්ක කියල වෙන දෙයක් නෙවෙයි. ඕනෑම ක්‍රීඩකයෙක් වුනාම දුවන්න ඕන. ඉතින් දුවනවා කියන්නේ නිකන් ලේසි විදියට නෙවෙයි sprint කරන්න ඕන සියයට සියක්. ඉතින් ඒ sprint කරද්දී අවාසනාවට LPL එකෙන් වුණේ. මගේ මස්පිඬු ඇදීමක් විතරයි. ඒකයි මම LPL එක ඉවර වෙලා මම ආපහු practice පටන් ගත්ත පුහුණුවීම් පටන්ගෙන මම පන්දු යැව්වා පන්දුවට පහර දුන්නා. මම running පටන් ගත්ත. ඉතින් මගේ අවාසනාවට world Cup එකට සති දෙකක් තියල මගේ ආපහු මස්පිඬු ඉරුණ .ඉතින් එකෙන් තමයි ඒ්ක ගොඩක් අපි පිටරට ඉන්න වෛද්‍යවරුන්ට යවල එයාල කිව්වා මේක හොඳ වෙන්න සති දොළහක කාලයක් යනවා. ඉතින් ඇත්තටම එක නිසා තමයි මට world Cup එක miss උනේ .නැතුව රට වෙනුවෙන් ක්‍රීඩා නොකර ඉන්න ගිහිල්ලවත් ලීග් සෙල්ලම් කරලවත් උණු අබාධයක් නෙවෙයි. ඇත්තටම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න මම මහන්සි වෙනකොට සිදුවුණු දෙයක්. ඉතින් ගොඩක් ප්‍රේක්ෂකයෝ දුක්වුණා මම එක දන්නවා මම ක්‍රීඩකයෙක් හැටියට සමාව ඉල්ලනවා මට ලෝක කුසලානය ක්‍රීඩා කරන්න බැරිවීම ගැන

ප්‍රශ්නය – ලෝක කුසලාන තරගාවලිය අතරතුර අපි දැක්ක ඔබ ශල්‍යකර්මයකට භාජනය වෙනවා. මේ ශල්‍ය කර්මයෙන් පස්සේ ඔබ දැන් සම්පුර්ණයෙන් සුවය ලබලද…? මොකද්ද අලුත්ම තත්වය…?

පිළිතුර – මම ශල්‍යකර්මය කරලා අදට හරියටම සති 5ක් ඉවරයි. මගේ process එක යන්නේ සති 12ක්. ඉතින් සති 12ක් ඇතුලත මම සති 12කට පස්සේ මම ආපහු ක්‍රීඩා කරන්න එන්න තමයි plan එක. දැනට තියෙන තත්වය අනුව මම rehab පටන් අරගෙන ඉවරයි. මේ week එකේ මම gym පටන්ගත්තා කරන්න . Exercises කරන්න ඉතින් next week එකේ මම running පටන් ගන්නවා slow jogging පටන් ගන්නවා. දැනට සති 5ක් ඉවරයි. මම සති 3ක් brace එක help කරගෙන තමයි මම clutches වලින් ඇවිද්දේ. ඒ ටික කලේ සති තුනක්. එ්කෙන් පස්සේ දැන් මම normal walking වල ප්‍රශ්නයක් නැ. ඉතින් දැනට සති 5ක් ඉවරයි. සති හයෙන් පස්සේ තමයි මම අපහු running පටන් ගන්නේ. running පටන්ගත්තාම මට ආපහු මගේ ක්‍රිකට් bowling batting ඒවාට අපහු එන්න පුළුවන්.

ප්‍රශ්නය – ඔබට පුහුණුවීම් ආරම්භකරන්න පුලුවන් සති 6 කින්…?

පිළිතුර – ක්‍රිකට් වල මට බැට් කරන්න බෝල් කරන්න ඊලඟ සතියේ ඉඳන් පටන් ගන්න පුළුවන් . එතකොට සති 6ක් complete. ඉතින් සති 6කින් පස්සේ තමයි මොකද මේ හැම දේම වෙන්නේ මගේ surgery එක කරපු professor හැඩඩ්. එයා එවන protocol තමයි follow කරන්නේ. මාව බලන්නේ තිහාන්. ඉතින් අපි දෙන්නා එයා එවන protocol අනුව තමයි අපි කරන්නේ. ඉතින් එයා week එකෙන් week එකට එයා එවල තියෙනවා protocol ඒටික follow කරන් යනවා.

ප්‍රශ්නය – වනිඳු එංගලන්තයේදී තමයි ශල්‍යකර්මයට භාජනය වුණේ. එහිදී වෛද්‍යවරයා ඔබට ලබාදීපු උපදෙස් මොනවද…? මේවගේ injury එකක් ආයේ එන්නේ නැති වෙයිද…?

පිළිතුර – ඔව්. මොකද මම running වලදී injured උනාට පස්සේ එකම කකුලේ එකම තැනින්. ඒ කියන්නේ tendon එකයි mussel එකයි එකතුවෙන T junction එකෙන් තමයි ගොඩක් වෙලාවට. මගේ මේක කලිනුත් දෙපාරක් වුනු injury එකක්. ඉතින් එ්ක නිසා ගොඩක් තිහාන් professor එක්ක කතා කරලා ඊට පස්සේ එයා කිව්වා හොඳම විසඳුම මේකට surgery එකක් කරන එක. එතකොට අපිට පුළුවන් surgery එකක් නොකර මේක හොඳ කරන්න. එත් ඒ වෙලාවේ professor කිව්වේ මට world cup ක්‍රිඩා කරන්න අමාරුයි. මොකද මේ injury එක හොඳ වෙන්න surgery එකක් නොකරත් සති දොළහක කාලයක් යනවා. surgery එකක් කලත් නොකලත් සති 12ක කාලයක් යනවා. ඉතින් අපි surgery එකක් නොකලොත් සියයට 50ක් ආයේ injury එක එන්න පුලුවන් කිව්වා. ආපහු මම ක්‍රීඩා කරද්දී ඉතින් එක surgery එක කලොත් 5%කට විතර අඩුවෙන්න chance එකක් තියෙනවා කිව්වා .ඒ වෙලාවේ හොඳම විසඳුම ගත්තේ කොහොම කලත් සති 12ක කාලයක් යන නිසා වර්ල්ඩ් කප් එකෙන් පස්සේ ආපහු national team එකට තරග නැති නිසා ජනවාරි වෙනකන් මම තීරණය කළා surgery එක කරන එක .ඒක මම තනිවම පුද්ගලිකව ගත්ත තීරණයක් නෙවෙයි මමත් තිහාන් එය තමයි physio ඉන්නේ එයත් professor ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටි එකත් එක්ක ගත්ත තීරණයක්.

ප්‍රශ්නය – අභාධයකට ලක්වුණාට පස්සේ ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලැබෙන සහයෝගය කොහොමද…?

පිළිතුර – ඔව්. ඇත්තටම තිහාන් සහ මම අපි confirm කරගත්තා මේකට surgery එකක් කරනවද. Australia වල England වල හැම වෛද්‍යවරයෙක්ටම ඊට කලින් මේ injury එක වෙලා තියෙන ප්ලයෙර්සලා ඉන්නකොට හිටපු physio ලට අපි ඒ හැමෝටම කතාකරල තමයි මේ decision එක ගත්තේ. නිකන් අපි ගත්ත එකක් නෙවෙයි. අපි හැමෝටම කතා කරල ඊට පස්සේ අපි කිව්වා ශ්‍රී ලංකා ක්‍රිකට් බෝර්ඩ් එකට මෙහෙම දෙයක් කරන්න ඕන කියල.ඒ වෙලාවේ තිහාන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් දාල තියෙන ඒ වෛද්‍ය ඒකකයේ සියලුම දෙනා එකතුවෙලා ගත්ත තීරණයක්. ඉතින් එතනින් පස්සේ මට මාර විදියට ලේසි උනා හැමදේම. එයාල කරලා දුන්න මට ගිහිල්ල surgery එක කරල ආපහු සතියකින් විතර ලංකාවට එන්න හැමදේම. එයාල මට හැමදේම ලේසිකලා ගිහිල්ල professor හම්බවෙලා surgery එක කරලා මට නවාතැන් පහසුකම් ඒ හැමදේම මට ලබාදුන්නා. එ්කට මම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකට.

ප්‍රශ්නය – එක දිගට වසර 4ක් විතර ක්‍රීඩා කරලා මේ තරගවලට ක්‍රීඩා නොකර ඉන්නකොට මොනවද හිතෙන්නේ..?

පිළිතුර – ඇත්තටම ගොඩක් දුකයි. 2019 world කප් එකත් මට මිස් වුණා. මම ගියේ standby ක්‍රීඩකයෙක් විදියට. ඉතින් ඇත්තටම මම දැනට ක්‍රීඩා කරලා තියෙන්නේ T20 world කප් දෙකක් විතරයි. ඇත්තටම ගොඩක් ගොඩක් දුකයි මම තාම එක්දින ලෝක කුසලානයක් ක්‍රීඩා කරලා නෑ මේ රට වෙනුවෙන්. ඉතින් මම හිතනවා ඒවගේ දෙයක් උණු එක ඇත්තටම කණගාටුදායකයි. මොකද ලෝක කුසලානයක් එන්නේ අවරුදු 4කට සැරයයි .එක ඇත්තටම දුකයි.

ප්‍රශ්නය – කවදද අයෙත් ජාත්‍යන්තර තරගවලට සහභාගිවෙන්නේ…?

පිළිතුර – ඇත්තටම අර කිව්වා වගේ මගේ surgery එක කරලා සති 5යි තාම. තව සති 7ක් තියෙනවා .ඒ සති 7 ඉවරවෙනකොට ජනවාරි මුල වෙනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා මමත් තිහානුත් professor හැඩට් එවපු ඒ protocol අනුව එක හරියට අපිට කරගන්න පුලුවන්නම් ජනවාරි මුල තියෙන සිම්බාබ්වේ සංචාරයේදී ඒ තරගාවලියත් එක්ක එකතුවෙලා මම හිතනවා එතනින් මට මේ ඉන්ජරි එකෙන් පස්සේ ආපහු comeback එකක් දෙන්න පුළුවන් වෙයි කියල. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ හැමදේම හරියට වෙලා මට ආපහු පුළුවන්තරම් ඉක්මනට සිම්බාබ්වේ තරගාවලියත් එක්ක අපේ national team එකත් එක්ක එකතුවෙන්න ලැබෙයි කියල.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
6
+1
0
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?