යළිත් ජාතිවාදී දේශපාලනයේ හීන් කෙඳිරිලි ඇසෙන බව ජනපති කියයි (වීඩියෝ)

නීතියට සියලු පුරවැසියන් යටත් බව මේ වනවිට ඔප්පුකරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මුලතිව්, පුදුකුඩිඉරුප්පු හිදී අද (02) පෙරවරුවේ ආරම්භ වූ ‘කප්තුරු සවිය’ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

නීතියේ විධානය සහ ආධිපත්‍ය තහවුරු කිරීමට කටයුතු කරන බවයි ජනධිපතිවරයා මෙහිදී පවසා සිටියේ.

අහිමි වූ බලය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් දකුණේත් උතුරේත් යළි ජාතිවාදී දේශපාලන ප්‍රවනතාවයන්ගේ හීන් කෙඳිරිලි ඇසෙමින් පවතින බවයි ජනධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතිවාදී දේශපාලනයන් විසින් කිසිම අවස්ථාවක පොදුජන සේවයක් සපයා නොමැති බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

ජාතිවාදය යනු පරාජය වූ දේශපාලන කණ්ඩායම් යළි නැඟිටීම සඳහා උපයෝගීකරගන්නා විනාශකාරී මෙවලමක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ, අනුව යළි ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අවධාරණය කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?