යළිත් ජාතිවාදී දේශපාලනයේ හීන් කෙඳිරිලි ඇසෙන බව ජනපති කියයි (වීඩියෝ)

නීතියට සියලු පුරවැසියන් යටත් බව මේ වනවිට ඔප්පුකරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මුලතිව්, පුදුකුඩිඉරුප්පු හිදී අද (02) පෙරවරුවේ ආරම්භ වූ ‘කප්තුරු සවිය’ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

නීතියේ විධානය සහ ආධිපත්‍ය තහවුරු කිරීමට කටයුතු කරන බවයි ජනධිපතිවරයා මෙහිදී පවසා සිටියේ.

අහිමි වූ බලය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් දකුණේත් උතුරේත් යළි ජාතිවාදී දේශපාලන ප්‍රවනතාවයන්ගේ හීන් කෙඳිරිලි ඇසෙමින් පවතින බවයි ජනධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතිවාදී දේශපාලනයන් විසින් කිසිම අවස්ථාවක පොදුජන සේවයක් සපයා නොමැති බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

ජාතිවාදය යනු පරාජය වූ දේශපාලන කණ්ඩායම් යළි නැඟිටීම සඳහා උපයෝගීකරගන්නා විනාශකාරී මෙවලමක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ, අනුව යළි ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අවධාරණය කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29
Video thumbnail
ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:29
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:52
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39