spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යහපාලන රජය කාලයේ සජිත් ප්‍රේමදාස කළ වැඩ, විගණකාධිපති වාර්තාවකින් එළියට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යහපාලන ආණ්ඩුවේ නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ (2015 සිට 2019 දක්වා) සිදුවූ රාජ්‍ය මුදල් රුපියල් බිලියන ගණනක අවභාවිතයක් පිළිබඳව වන වාර්තාවක් විගණකාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.

සංස්කෘතික අරමුදලට ලද මුදල් අවභාවිත වී ඇති අයුරු විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති මෙම විගණන වාර්තාවෙන් තහවුරු කර තිබෙනවා.

2015 සිට 2019 දක්වා කාලය තුළ සංස්කෘතික අරමුදලේ සමස්ත වියදමෙන් 38%ත් 58%ත් අතර මුදලක් වැය කර ඇත්තේ සේවක නඩත්තුව සඳහා බවයි මෙම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ.

සංස්කෘතික අරමුදලේ ප්‍රමුඛතම අරමුණ වන පුරාවිද්‍යා කැණීම්වලට සහ සංරක්ෂණ කටයුුතුවලට මුදල් වෙන්කර ඇත්තේ අවම ප්‍රතිශතයක් බවයි විගණකාධිපතිවරයා සදහන් කරන්නේ.

අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා බඳවාගැනීම් සිදුව ඇති බවත්, කාර්යමණ්ඩල සංයුතියේ නොමැති තනතුරු සඳහා බඳවාගැනීම් සිදුකර ඇති බවත් මෙම වාර්තාවේ සඳහන්.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාවේ තනතුරු තුළ ඇතුළත් නොවූ මුරකරුවන් 2,271ක් සහ කම්කරුවන් 1,130ක් වශයෙන් සේවකයින් 3,401ක් 2017 වසර තුළ බඳවාගැනීමට පාලක මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2019 වසර තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරික්ත සේවක තනතුරු සංඛ්‍යාව 1,596ක් බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ.

2018 වසරේදී මෙලෙස බඳවාගත් සේවකයින් වෙනුවෙන් රුපියල් හතලිස් හත් කෝටි අනූ තුන්ලක්ෂ පනස්හයදාස් නවසිය අනූ තුනක් සහ 2019 වසරේදී රුපියල් පනස් අට කෝටි දාහත් ලක්ෂ හැත්තැ තුන්දහස් එකසිය අටක මුදලක් වැටුප් වශයෙන් ලබාදී ඇති බව සදහන්.

එමෙන්ම 2015 වසරේ සංස්කෘතික අරමුදලේ ආදායම රුපියල් බිලියන 2.9ක් වනවිට වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 2.01ක් ලෙසයි දැක්වෙන්නේ

2019 වසරේදී එම අරමුදලේ ආදායම රුපියල් බිලියන 4.037ක් වනවිට වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 4.168ක් ලෙස සටහන්ව තිබූ බව විගණන වාර්තාවේ දැක්වෙනවා.

ඒ අනුව 2019 වසරේ ආදායම ඉක්මවා රුපියල් බිලියන 0.131ක් වියදම් කර ඇති බව විගණකාධිපතිවරයා මෙමගින් පෙන්වා දෙනවා.

සංස්කෘති අරමුදලේ මුදල් වැය කිරීම සඳහා ඉටුකරන ලද ව්‍යාපෘතිවලට සහ ඉටු කරමින් පවතින ව්‍යාපෘති සඳහා අග්‍රාමාත්‍යවරයා සභාපතිත්වය දරණ පාලක මණ්ඩලය අනුමැතිය ගත යුතු වනවා.

එවන් පසුබිමක 2019 වසරේ මාර්තු 15 වනදායින් පසුව පාලක මණ්ඩලය රැස්වී නැහැ.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයට දින 04කට පසුව එනම් නොවැම්බර් මස 20 වැනි දින සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය රැස්වීමක් නොපවත්වා එහි සාමාජිකයින්ගෙන් අදාළ ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදෙන පාලක මණ්ඩල පත්‍රිකාවකට අනුමැතිය ලබාගෙන ඇති බව ද සදහන්.

2018 සහ 2019 වසරවලදී විධිමත් රීති මාලාවක් සම්පාදනය කිරීමකින් තොරව සංස්කෘතික අරමුදලේ මුදල් වලින් ආදාහන පූජෝත්සවය, පින්කම් සඳහා, පෙරහර මංගල්‍ය, සාහිත්‍ය මංගල්‍ය, කලාකරුවන්ට , ලේඛකයින්ට, චිත්‍ර ශිල්පින්ට, සංගීතඥයින්ට , මූර්ති ශිල්පින් ඇතුළු විවිධ පුද්ගලයින්ට රුපියල් තුන්කෝටි විසි එක්ලක්ෂ හැටතුන්දහස් එකසිය පනහක් ලබාදී ඇති බවයි විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවාස හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාල්‍ය තුළ සංස්කෘතික අරමුදලේ මුදල් යොදාගෙන සිදුකළ ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් සහ වැඩ අවසන් කර නොමැති ඉදිකිරීම්වල ඡායාරූප ද මෙම විගණන වාර්තාවට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?