AFC Banner
AFC Banner
Empty Ad

යසොරාපුර කුඩු රැජින අත්අඩංගුවට

අත්තිඩිය යසොරාපුර කුඩු රැජින ලෙස අනුවර්ථ නාමයෙන් හදුන්වනු ලබන ධම්මිකා නොහොත් යසොරාපුර ධම්මි යන කාන්තාව හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අපරාධ නිවාරන සහ දුෂණ වැටලිම් රජකාරියේ යෙදි සිටියදී පුද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකට අනුවයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රැම් 10යි මිලි ග්‍රැම් 100ක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකාරිය අත්තිඩිය යසොරාපුර ප්‍රදේශයේ ම පදිංචි 46 හැවිරිදි කාන්තාවක්.

ඇය විදේශගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන සයිමා යන අයගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට තුළ සිදුකරනු ලබන බවටයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?