යන බස් එකට නගින්න ගිහින් රෝදයට යටවී මරුට

කළුතර ප්‍රධාන බස් නැවතුම්පොලේ සිට නුවරඑළිය දක්වා ගමන් ආරම්භ කළ බස් රථයට දිවවිත් ගොඩවීමට උත්සාහ කළ පුද්ගලයකු එම බසයටම යටවීමෙන් අද සවස මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කටුකුරුන්ද ශ්‍රී ධර්මාරාම පාරේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

ඔහු අදාළ බස් රථය කළුතර ප්‍රධාන බස් නැවතුම්පොලෙන් පිටත්වීමට සූදානම් වීමේදී ඉදිරිපස දොරටුවෙන් ගොඩවීමට උත්සාහ දරා ඇති අතර පය ලිස්සා බිම ඇද වැටී ඉදිරිපස වම් රෝදයට යටවී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරුවී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04