spot_imgspot_img
spot_img

යන බස් එකට නගින්න ගිහින් රෝදයට යටවී මරුට

කළුතර ප්‍රධාන බස් නැවතුම්පොලේ සිට නුවරඑළිය දක්වා ගමන් ආරම්භ කළ බස් රථයට දිවවිත් ගොඩවීමට උත්සාහ කළ පුද්ගලයකු එම බසයටම යටවීමෙන් අද සවස මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කටුකුරුන්ද ශ්‍රී ධර්මාරාම පාරේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

ඔහු අදාළ බස් රථය කළුතර ප්‍රධාන බස් නැවතුම්පොලෙන් පිටත්වීමට සූදානම් වීමේදී ඉදිරිපස දොරටුවෙන් ගොඩවීමට උත්සාහ දරා ඇති අතර පය ලිස්සා බිම ඇද වැටී ඉදිරිපස වම් රෝදයට යටවී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරුවී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
4
+1
11
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?