යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මරුට

අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ සවස මෙම අනතුර සිදුවී ඇත්තේ අම්බලන්තොට රිදියගම මාර්ගයේ ධීවර ගම්මානයට හැරෙන හන්දිය ආසන්නයේදීයි.

රිදියගම දෙසට ධාවනය වූ යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් අනතුර සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ යතුරුපැදියේ තුන් දෙනෙකු ගමන් කර ඇති අතර එක් තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තවත් අයෙකු හම්බන්තොට රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ රුහුණු රිදියගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 සහ 25 වයස්වල පසුවන දෙදෙනෙක්.

අනතුරට හේතුව අධික වේගය බවට පොලිසිය පවසන අතර යතුරුපැදියේ පසුපස ගමන් කළ දෙදෙනා ආරක්ෂිත හිස් ආවරණ පැළඳ නොසිටි බව ද අනාවරණ වී තිබෙනවා.

යතුරුපැදිය පැදවූ තරුණයා ද තුවාල ලබා හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මියගිය තරුණයන් දෙදෙනාගේ සිරුරු හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14