යතුරුපැදියක් ටිපර් රථයක ගැටී තරුණයින් දෙදෙනෙක් මරුට

හොරණ පොලිස් වසමේ හොරණ – මොරගහහේන මාර්ගයේ කනන්විල ප්‍රදේශයේ දී යතුරුපැදියක් ටිපර් රථයක ගැටී අද (19) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මොරගහහේන දෙසට ධාවනය වූ යතුරුපැදියක් එහි පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව විරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔවුන් දෙදෙනා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 17 සහ 25 යන වයස්වල පසු වූ කිරිවත්තුඩුව හා පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙක්.

මොවුන් දෙදෙනා හොරණ ප්‍රදේශයේ පැවති සංගීතයක් නරඹා නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබුණා.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, හොරණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46