යතුරුපැදිකරුවන් දෙදෙනක් මරණයට පත් වූ අනතුරෙන් පසු කන්ටේනරයට ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

මීගමුව – මිනුවන්ගොඩ මාර්ගයේ බෝලවලාන ප්‍රදේශයේ දී මාර්ගය හරහා හරවමින් තිබූ කන්ටේනර් රථයක ගැටී මීගමුව දෙසට වේගයෙන් ධාවනය කරමින් තිබූ යතුරුපැදි දෙකක ගමන්ගත් පැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව, අදාළව කන්ටේනර් රථයට ගිනි තබා අලාභ හානි කිරීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 20, 25 සහ 26 වයසේ පසුවන මීගමුව දාගොන්න සහ කිඹුලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්.

ඔවුන් තිදෙනා අද (31) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුර සිදුවූ ස්ථානය අවට ඇති CCTV දර්ශන ඇතුළු තොරතුරු මගින් කන්ටේනර් රථයට අලාභ හානි සිදුකිරීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලීසිය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37