ඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
රථවාහන අංශයට අනියුක්ත පොලිස් නිලධාරියෙකු විසින් තරුණයින් දෙදෙනෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ සමාජ මාධ්‍ය ජාල වල හුවමාරු වුණා.
පහරදීම සිදුවන්නේ මඩකළපුව එරාවූර් කලපුව පාරේ ආහාර වෙළෙඳසැලක් ඉදිරිපිටදීය.
රිය අනතුරක් සිදු වූ ස්ථානයක මැනීම් කටයුතු සිදුකළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් අධික වේගයෙන් මෙම යතුරුපැදිය ධාවනය කළ බවට මෙම යතුරුපදිකරුට චෝදනා එල්ලවී තිබුණා.
එහිදී යතුරුපැදිය නවතන ලෙසට අණ කර තිබුණ ද එය නොතකා යතුරුපැදිකරු මඩකලපුව එරාවූර් කළපුව පාර පටු මාවත ඔස්සේ අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කර ඇති බවයි වාර්තා වුයේ.
පසුව නිලධාරීන් එම යතුරුපැදිය හඹා ගොස් ඇති අතර ආහාර අලෙවිසැලක් අසල නවතා තිබියදී යතුරුපැදිය සොයාගෙන තිබු අතර පහරදීම සිදුවන්නේ එම අවස්ථාවේදිය.
අදාල විඩියෝව – පොලීසියෙන් තරුණයන් දෙදෙනෙක්ට පහර දෙන හැටි














