‘මෝදි’ නමට අපහාස කළ ගාන්ධිට යළි මැතිසබයේ මන්ත්‍රී අසුන

කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිව වරදකරු කරමින් ලබා දී තිබූ නඩු තීන්දුවක් අතිහිටුවීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

මෙම නියෝගයත් සමඟ ඔහුට අහිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිමිවන අතර, ඒ අනුව ඔහුට නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම 2024 දී පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය සඳහා ද ඉදිරිපත් වීමට අවස්ථාව හිමිවන බවයි වාර්තා වුණේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ “මෝදි” වාසගමට අපහාස වන අනදමින් ප්‍රකාශයන් සිදුකිරීම සම්බන්ධයෙන් ගොනුකළ නඩුවකට රාහුල් ගාන්ධිව වරදකරු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙලෙස ඊයේ අත්හිටුවනු ලැබුවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නායකත්වය දරණ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවයි ගුජරාට් අධිකරණයක් රාහුල් ගාන්ධිව වැරදිකරු කර තිබුණේ.

මෙම පැමිණිල්ලට වැරදිකරු කරමින් අධිකරණය විසින් ගාන්ධිට එරෙහිව වසර 02ක සිරදඬුවමක් නියමකළ නමුත් සිරගත කිරීමක් සිදුනොකර ඔහුට ඇප ලබා දුන්නා.

මෙම නඩු තීන්දුවෙන් අනතුරුව ගාන්ධිට සිය පාර්ලිමේන්තු අසුන ද අහිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48