AFC Banner
Empty Ad
Empty Ad

මෝදි – කුවෙට් ඔටුන්න හිමි කුමරු හමුවෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිව්යෝර්ක් හි 79 වැනි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට සමගාමීව කුවේටයේ ඔටුන්න හිමි කුමරු, ෂීක් සබා කලීඩ් අල්-හමාඩ් අල්-මුබාරක් අල්-සබාහ් සමඟ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍යංශය පැවසුවේ අග්‍රාමාත්‍යවරයා කුවෙට් ඔටුන්න හිමි කුමරු හමු වූයේ පළමුවරට බවයි.

මෙම හමුවේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කුවේටය සමඟ ද්විපාර්ශ්වික සබඳතා සඳහා ඉන්දියාවේ ගැඹුරු කැපවීම අවධාරණය කර තිබෙනවා.

නායකයන් දෙදෙනාම ජාතීන් අතර ශක්තිමත් ඓතිහාසික බැඳීම් සහ ජනතාව අතර සමීප සබඳතා සම්බන්ධයෙන් සිහිපත් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

බලශක්ති සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ඔවුන්ගේ සහයෝගීතාව පිළිබඳව ඔවුන් තෘප්තිමත් වූ අතර ඔවුන්ගේ හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමට සහ විවිධාංගීකරණය කිරීමට ඇති කැපවීම යළිත් තහවුරු කළ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?