මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය ගණන 1000 ඉක්මවයි

මධ්‍යම මොරොක්කෝවේ සිදු වූ රික්ටර් මාපක 6.8 ක ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,000 ඉක්මවා ගොස් තිබෙනවා.

මාරකේෂ් සිට නිරිත දෙසින් කිලෝමීටර් 71ක් ඔබ්බෙන් වූ ඇට්ලස් කඳුකරයේ, කිලෝමීටර් 18.5ක් ගැඹුරින් කම්පනය ඇති වූ බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

එරට වේලාවෙන් රාත්‍රී 11:11 ට භූ කම්පනය සිදු වූ අතර මිනිත්තු 19 කට පසුව රික්ටර් මාපක 4.9ක පසු කම්පනයක් ද සිදුවී තිබෙනවා.

විපතට පත්වූවන්ගෙන් බොහෝ දෙනෙකු දුර බැහැර ප්‍රදේශවල සිටින බවටයි විශ්වාස කෙරෙන්නේ.

මොරොක්කෝවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ භූමිකම්පාවෙන් අල්-හවුස්, මරකේෂ්, ඕවාර්සාසේට්, අසිලාල්, චිචාඕවා සහ ටරෝඩන්ට් යන නගරවල මිනිසුන් මිය ගිය අතර පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

ප්‍රබල පසු කම්පන ඇති වුවහොත් නැවත තම නිවෙස්වලට නොයන ලෙස මොරොක්කෝ රජය අනතුරු අඟවා තිබීම හේතුවෙන් බොහෝ පිරිස් රාත්‍රිය ගත කර ඇත්තේ එළිමහනේයි.

රෝහල්වලට තුවාල ලැබූ පුද්ගලයින් විශාල පිරිසක් පැමිණෙන අතර බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ රුධිරය පරිත්‍යාග කරන ලෙසටයි.

භූ කම්පනය හමුවේ යුනෙස්කෝ ලෝක උරුම ප්‍රදේශයක් වන මදීනා හි ද හානි සිදුවී ඇති බව වාර්තා වනවා.

ඇට්ලස් කඳුකරයේ දුරස්ථ ප්‍රදේශයක භූමිකම්පාවේ කේන්ද්‍රය වාර්තා වූ අතර කිලෝමීටර් 350ක් පමණ දුරින් පිහිටි රබාත් අගනුවරට මෙන්ම කැසබ්ලැන්කා සහ එසවුරා වෙත ද කම්පන දැනී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම භූ කම්පනය අසල්වැසි ඇල්ජීරියාවට ද දැනී ඇති නමුත් ඉන් කිසිදු හානියක් හෝ ජීවිත හානි සිදුව නොමැති බව බලධාරීන් පවසනවා.

නවදිල්ලි නුවර පැවති ජී 20 සමුළුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ ජාත්‍යන්තර ප්‍රජාව මොරොක්කෝවේ සහයට පැමිණෙන බවයි.

ස්පාඤ්ඤ අගමැති Pedro Sanchez සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ද කියා සිටියේ මොරොක්කෝවේ ජනතාවට සහයෝගීතාවයපළ කරන අතර මොරොක්කෝවට ආධාර කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22