AFC Banner
AFC Banner
Empty Ad

මොරටුවේ කුඩු රැජින අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි මොරටුවැල්ල, ප්‍රැන්සිස්කෝ පටුමඟ ප්‍රදේශයේ පදිංචි ශ්‍රීමාලි නොහොත් මොරටුවේ ‘කුඩු රැජින’ යන අන්වර්ත නාමයෙන් ප්‍රකට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාව වයස අවුරුදු 49ක තැනැත්තියක්.

විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරී කණ්ඩායමක් මොරටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුරයි එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට පත් කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාර කෙරුණා.

විදේශ ගතව සිටන රත්මලාන, ගල්කිස්ස, මොරටුව යන ප්‍රදේශවල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන රත්මලානේ දේවින්ද නැමැත්තාගේ මත්ද්‍රව්‍ය මෙම කාන්තාව විසින් මොරටුව ප්‍රදේශයේ ජාවාරම් කටයුතු සිදුකරන බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?