මොනරුන්ගෙන් වී වගාවට සිදුවන හානිය වැළැක්වීමට අලුත් යන්ත්‍රයක්

මොනරුන්ගෙන් සිදුවන වගා හානි වැළැක්වීම සඳහා වී වැපිරීමට හැකි නව ෂීඩර් යන්ත්‍රයක් හඳුන්වා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකම මොනර ගහනය ඉහළ යාම නිසා වී වගා කළ පසු සිදුවන හානිය ඉහළ මට්ටමක පවතින නිසා එම තත්ත්වය සැළකිල්ලට ගෙන වී වැපිරීම සඳහා නව ෂීඩර් යන්ත්‍රයක් හඳුන්වා දීම පසුගියදා අඟුණකොළපෑලැස්සේ දී සිදු කරනු ලැබීය.

මෙම නව ෂීඩර් යන්ත්‍රයේ විශේෂත්වය වනුයේ බීජ සිටුවීම කරන අතරම මොනරුන් හා වෙනත් පක්ෂීන්ට එම වපුරන ලද වී කා දැමීමට නොහැකි වන පරිදි පොහොර තට්ටුවකින් එම බීජ වසා දැමීම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම අලුතින් හඳුන්වා දුන් සීඩරය රුපියල් 17,000ක් වැනි මුදලකට සකස් කර ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?