මොකද්ද මේ ආණ්ඩුව හැප්පුණු Wrong ජෙනරේශන් එක?

මොකද්ද මේ ආණ්ඩුව හැප්පුණු Wrong ජෙනරේශන් එක? මේ ජෙනරේශන් එක බෙදෙන්නෙ ඉපදුණු වර්ෂ අනුව , මේ පහල තියෙන්නේ දැනට ලෝකේ ඉන්න ඇක්ටිව් ජෙනරේශන් ටික.

  • Before 1965 Silent Generation / Baby boomers
  • 1966- 1982 Generation X
  • 1983 – 1998 Generation Y / Millennials
  • 1999- 2012 Generation Z
  • After 2012 Alpha Generation

අද ශ්‍රී ලංකාවේ ඇතිවෙලා තියෙන මේ අර්බුදය හමුවේ නැගී හිටපු ජෙනරේශන් එක තමයි මේ Y Generation එක. ඒ කියන්නේ 1983- 1998 අතර කාලවකවානුවේදී ඉපදුණු Millennials ලා . අරගල භූමිය ගත්තම 80%ක්ම නියෝජනය කරන්නෙ මේ Y ජෙනරේශන් එක. ආණ්ඩුව හැප්පුණු වැරදි ජෙනරේශන් තමයි Y ජෙනරේශන් එක.

මොනවද මේ Y Generation එකේ විශේෂතා?Y generation එක තමයි මුලින්ම Globle වුණු එහෙම නැත්නම් ගෝලීයකරණයේ ප්‍රතිලාභ ලබාගත් පලවෙනි පරපුර. ඔවුන් හැදී වැඩුනේ Internet Age එකේ. ඒ කියන්නේ අන්තර්ජාල පහසුකම් සමාජගතවන මුල් යුගයේ. ඒ වගේම මුලින්ම Smart phone සහ Social Media Experience එක ගත්තේ මේ ජෙනරේශන් එක. ඒ වගේම Digital Native පරම්පරාව වන්නෙත් මේ Y Generation එක. මේවා තමයි පොදු ලක්ශන.
මොනවද Y ජෙනරේශන් එක අනිත් ජෙනරේශන් වලින් වෙනස් වෙන ලක්ශණ.?

ඔවුන් Flexibility එක සහ Freedom ( නිදහස ) අගයයි.
ලිබරල් ක්‍රමවේදයන්ට වැඩි කැමැත්තක් දක්වයි.
විවෘත මනසකින් යුතුයි. Open minded
තීරණ ගැනීමේදී වඩාත් Smart විසදුම් ලබා දෙයි.
දැඩි ආත්ම විශ්වාසයක් සතුයි.
සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටියි.


අද ලංකාවේ ගත්තොත් පොලිටිකස් ගැන අවබෝධයක් ලබා තිබෙන අවසාන පරම්පරාව තමයි Y.. මොකද Generation Z එක සහ Alpha Generation එකට තවම හරිහැටි දේශපාලනික අවබෝධයක් නැහැ.

ජෙනරේශන් විදියට මේ අරගලය ගත්තොත්පාලකයෝ ටික, උන් ටික ඔක්කොම වගේ Silent and baby boomers Generation එකේ. එහෙම නැත්නම් X generation එකේ. මේ ජෙනරේශන් ගැන අන්තර්ජාලයෙන් තොරතුරු ගන්න. ඇත්තටම පට්ට කම්මැලි කුජීත කිසිම දේකට ෆොර්වර්ඩ් නැති කම්පර්ට් සෝන් එකෙ ඉදන් වැඩ කරන Generation 2 ක් අතේ තමයි දැනට ලංකාවේ පාලන බලය තියෙන්නේ. ලංකාව ගොඩගන්න නම් අනිවාර්යයෙන්ම Y generation එකෙන් නායකයෝ බිහිවෙන්න ඕනි.

ඉදිරි පාර්ලිමේන්තුවකදී Y generation එකෙන් 40% ක පිරිසක්වත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනි. Y ජෙනරේශන් එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනි. මේ අරගලයේදී Z ජෙනරේශන් එක එහෙම නැත්නම් 2000න් පස්සෙ අය කියල අපි කියන්නේ. එයාලව control කරගන්න.

මක්නිසාද යත් ඔවුන්ට තවම මේ සිටුවේශන් එක තේරෙන්නේ නෑ. සහ ඔවුන්ගේ ජෙනරේශන් එකේම තියෙන අවුලක් තියෙනවා කොමන් සෙන්ස් මදිකම. අරගල භූමියේ වුනත් මේ Z ජෙනරේශන් එකේ හැසිර්‍රිම් වල අවුලක් ගිය තැන් දෙක තුනක්ම දැක්කා. අනිවා ඒවා කොන්ට්‍රෝල් කරගන්න ඕනි.

Y ජෙනරේශන් එක මේ සටන ඊලගට කුලුදුලේම බිහිවන Alpha ජෙනරේශන් එක ටීන්ඒජර්ස් වෙනකල් අල්ලන් ඉන්න ඕනි. Alpha generation එක කියන්නේ ඉදිරි ලෝකයේ බිහිවන Y generation එක පහු කරගෙන යන්න පුලුවන් එකම කණ්ඩායම. අප අද සටන් කරන්නේ ඇත්තටම ඉදිරියට බිහිවන Alpha generation එක වෙනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
65
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52