මෛත්‍රීගේ කෝටි 800 පැජට් නිවස ජනපති රනිල්ට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවස ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස පසුගියදා ගිනි තැබීම හේතුවෙන් ඔහු මේ වනවිට පදිංචිව සිටින්නේ වෙනත් ස්ථානයකයි.

මීට මාස දෙකකට පමණ පෙර අධිකරණ නියෝගයක් මඟින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එම නිවෙසින් ඉවත් වෙන ලෙස දැනුම් දී තිබුණා.

  1. සාමාන්‍යයෙන් අපිට නම් කෝටියක් තිබුණොත් අංගසම්පූර්ණ ගෙයක් හදාගන්න පුළුවන්. එතකොට මේ කෝටි 800ක් වියදම් කරලා හදලා තියෙන්නෙ මොකක්ද ? මංදිරයක්ද ?