මේ විදියට අවුරුදු සැමරුවොත් අවුරුද්දෙන් පස්සේ වෙනදේ PHI සංගමය පහදයි

එළැඹෙන උත්සව සමයේදී දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ මහජන එක් රැස්වීම් හැකිතාක් අවම කරන ලෙසයි.

එසේ නොවුනහොත් උත්සව සමයෙන් පසු අවදානම් තත්වයක් වැඩි වීමක් ඇති විය හැකි බවද උපුල් රෝහණ මහතා සඳහන් කළා.

පසුගිය වසරේ කොරෝනා වසංගතය හේතුවෙන් අලුත් අවුරුද්ද සැමරීමට නොහැකි වීම නිසා විශාල වශයෙන් මේ වසරේ අලුත් අවුරුද්ද සැමරීමට සුදානම් වන බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ අනුගමනය නොකරමින් වෙළඳසැල් වලට ඒකරාශී වෙමින් අනවශ්‍ය ගමන් බිමන් වල යෙදෙන බවත් සඳහන් කළ ඒ මහතා කියා සිටියේ මේ ආකාරයෙන් දිගින් දිගටම කටයුතු කළහොත් අලුත් අවුරුද්දෙන් පසුව විශාල ව්‍යසනයකට මුහුණ දීමට සිදුවිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?