මේක ඩීල් එකක් නෙමෙයි – ආරක්ෂක ලේකම්

කුමන විවේචන එල්ලවුවද පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන වත්මන් රජය යටතේ නිසි අයුරින් සිදුකෙරෙන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා,

“මම පත්වුණාට පස්සේ පරීක්ෂණ හරියට සිදුවුණා. නමුත් තාම මුකුත් කළේ නෑ කියනවා. වත්මන් රජය පත්වුණාට පසුව 42ක් රක්ෂිත බන්ධනාගාරගත කළා. රැඳවුම් නියෝග මත 88ක් ඉන්නවා. වැරදිකාරයෙක් කියලා හිතුවට ඔප්පු කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරුණු සොයන්න ඕනේ. ඒ වෙනුවෙන් ටික කාලයක් ගතවෙනවා. එක වැරදි කරුණකින් වරදකරුවෙක් ගෙදර යන්න පුළුවන්. ජනාධිපතිතුමා පත්වෙන්න කරපු ඩීල් එකක් කියනවා. ගෞරවාන්විත අයත් ඒ වචනය භාවිත කළා. මම වගකීමෙන් කියනවා මෙය ඩීල් එකක් නෙවෙයි. ශ්‍රේෂ්ඨ ආගමක් වැරදි ලෙස අර්ථකථනය කර අඳභාවයට පත්වුණු මිනිසුන් කළ ක්‍රියාවක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?