මෙවන් අකල් මරණයක් කාටවත් වෙන්න එපා

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන දසදහසකට අධිකය.

මිය ගිය දස දහසක් දෙනා නිසා මැරි මැරි උපදින කී දහසක් දෙනෙක් අපි අතරේ ඉන්නවාද?

මේ ඔවුන්ගේ කඳුළු කතාවකි.

“තාත්තාගේ වයස අවුරුදු 63යි බේරගන්න බැරිවුණා. තාත්තා ආයේ එන්නෙ නෑ…”

මිල මුදල් යාන වාහන ඇති පොහොසතෙක් වුවද දුගී පැලක ජීවත් වුවද කොවිඩ් මාරයාට එහි වෙනසක් නොමැත. 

මරු සමග නික්මෙන්නේ කවුරුන් වුවත් එහි වේදනාව ඉතිරිවන්නේ පවුලේ සෙසු ආදරණීයයන්ට බව අපි දනිමු.

“තාත්තාට ගොඩක් හීන තියෙන්න ඇති…නමුත් මොනවා කරන්න ද?…” ඒ අපට ඇසුණු තවත් කතාවකි.

පවුලක බර කරට ගත් කෙනෙකු කොවිඩ් මාරයාට බිලි වූ පසු එහි සෙසු සාමාජිකයන් අසරණ වීම තවත් සමාජ ඛේදවාචකයකි.

“කොච්චර රෙදිපිළි තිබ්බත්…කොච්චර ඇඳුම් තිබ්බත්…අන්තිමට අම්මට ඉතිරිවුණේ චීත්ත කෑල්ලක් විතරයි…” ඒ මව අහිමි වූ දියණියකි.

ඔවුන්ගේ අහිමි වීමට, අසරණකමට පිහිට වන්නේ කවුද?

මෙහි අමතක නොකළ යුතු තවත් කරුණක් නම් ඇතැම් දෙනා මියගොස් ඇත්තේ එන්නත් දෙකම ලබාගෙන සිටියදී වීමය..

මේ සියලුම කරුණුවලින් පැහැදිලි වන එක කරුණක් තිබේ.

ඒ…හැමදේටම වඩා වැදගත් වන්නේ ඔබේ පරිස්සම බවය.

හැම තත්පරයකම ඔබ පවත්වාගත යුතු ඔබේ සැලකිලිමත්කම සහ ආරක්ෂාව ගැනය.

ඒ නිසා, තම ආදරණීයයන් වෙන්ව යාමේ වේදනාව සියැසින් දැක හදවතින් විඳි මේ අය දෙන පණිවුඩය ගැන මොහොතක් සිතන්න.

“මම හැම තප්පරයකම ඩොක්ටස්ලට නර්ස්ලට කතා කර කර ඇඬුවා. මට කිව්වා කරන්න තියෙන ප්‍රතිකාර කරලා තියෙන්නේ.. ඉතුරු ටික දෙවියන්ට බාරදෙමු කියලා. පස්සේ ඩොක්ටස්ලා කිව්වා හෝමාගම ICU එකට යවනවා කියලා. එතනදි මට අම්මා ළඟ ඉන්න බැරි වුණා. දවස් 10කට පස්සේ අම්මා නැතිවුණා. අම්මව බදාගෙන අඬන්නවත් අපිට අවස්ථාවක් තිබ්බේ නෑ. මෙවන් අකල් මරණයක් ඔයගොල්ලන්ගෙ පවුලේ කිසිකෙනෙකුට වෙන්න ඉඩ තියන්න එපා.”  

ඔබ ඔබේ ආදරණීයයන්ට ඇත්තටම ආදරෙයි නම් ඔබ ඔබව පරිස්සම් කරගන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද..? බිමල් ඇමතිතුමා, ප්‍රසන්න ඇමතිතුමා මම දැන් මේක එවනවා..
02:42
Video thumbnail
ජනපති පාස්කුව ගැන හෙළිකරපු දේ..මට පාස්කු නඩුව කඩා වැටෙන්න දෙන්න තිබ්බා..කවුද යුක්තිය දෙන්නේ ?
09:35
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යවන්න ඇවිත් තේ වත්තකට දාමා ගිය යතුරුපැදිය ගොඩ ගත් හැටි මෙන්න
01:32
Video thumbnail
රුවන් මාපලගමගේ කළ ප්‍රබල හෙළිදරව්ව - 3500ට ගන්න තියෙන පොත් විශ්වවිද්‍යාලයට රු.12500..අරන්
02:35
Video thumbnail
පාතාල කෙරුමෙක් වූ බැකෝ සමන්ගේ මව අවසන් ගමන් යවන්න ආ යතුරුපැදිය ගොඩගත් මෙහෙයුම..
01:15
Video thumbnail
නීතිඥයින් ඉදිරියේ ජනපති කළ දැඩි ප්‍රකාශය - මම යන්න ලෑස්ති මිනිහෙක්..අවදානම ගන්න සූදානම් මම
03:49
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43