මෙරට ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් ඉන්දියාවේ දී අත්අඩංගුවට

මෙරට ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකන් පිරිසක් ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කරනවා.

මත්ද්‍රව්‍ය හා අවි ජාවාරමට සම්බන්ධ අපරාධ කල්ලි සාමාජික කිඹුලාඇලේ ගුණා, ලඩියා, වැල්ලේ සුරංග ඇතුළු ශ්‍රී ලාංකිකයන් නවදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් ඉන්දියාවේ – තමිල්නාඩුවේ දෙමළ සරණාගත කඳවුරකදී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

සී. ගුණසේකරන් හෙවත් ගුණා හෙවත් ප්‍රේම් කුමාර්, පුෂ්පරාජා හෙවත් පූකුට්ටි කන්නා, මොහොමඩ් අස්මින්, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු, ලඩියා, ධනුක්ක රොෂාන්, වැල්ලේ සුරංග නොහොත් ගමගේ සුරංග ප්‍රදීප් සහ තිලිපල් නෙහොත් දිලීපන් යන මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්