මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් සිය දිවි හානි කර ගනී

මහනුවර මෙන්ම දිවයිනේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වූ මංගල ගුණවර්ධන යන අය තම පෞද්ගලික ගිනි අවියෙන් ගෙල ප්‍රදේශයට වෙඩි තබාගෙන මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම කෝටිපති ව්‍යාපාරිකයා මහනුවරල පල්ලෙකැලේල දිගන හා තෙල්දෙනිය මෙන්ම දිවයිනේ ප්‍රධාන නගරවල ව්‍යාපාර රැසක හිමිකරුවෙක් වන අතර ඒ අතර රථ වාහන අලෙවි ආයතනල උකස් ගැනීමේ මධ්‍යස්ථානල ලී බඩු ව්‍යාපාරල විවිධ වෙළද ඒජන්සි ඇතුළු මහා පරිමාණයේ ව්‍යාපාර රැසක්ද වන බව සඳහන් වේ.

ඔහු ඊට අමතරව මහා පරිමාණයෙන් පොලියට මුදල් දීම සිදුකොට ඇති බව පැවසෙන අතර තම ව්‍යාපාර පවත්වාගෙන යෑමේ පහසුව මත ඔහු දිගන හා තෙල්දෙණිය ප්‍රදේශයේ කාර්යාල කීපයක්ද පවත්වාගෙන ගොස් ඇත.

දොන් රජීව මංගල ගුණවර්ධන නම් වූ 54 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා දිගන මංගල යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වා ඇති අතර ඔහු මෙරට ප්‍රබල දේශපාලඥයන් හා ප්‍රබල ව්‍යාපාරිකයන් හා සමාජයේ උසස් පුද්ගලයන් රැසක්ද ඉතා සමීපව ඇසුරු කරන්නෙක් වශයෙන් ප්‍රකටව සිටියේ

මෙම පුද්ගලයාට මහනුවර ප්‍රදේශයේ ගොඩනැඟිලි රැසක්ද හිමිව තිබූ අතර ඔහුට අයත් දිගන නගරයේ පිහිටි තෙමහල් ව්‍යාපාරික ගොඩනැඟිල්ලක ඔහුගේ කාර්යාලයේ දී 16 දා පස්වරු 12.15 ට පමණ රිවෝල්වර ගිනි අවියකින් වෙඩි තබා ගෙන ඇති බවට සැක කරන බව පොලිසිය පවසයි

වෙඩි තබා ගැනීමෙන් අනතුරුව බරපතළ තුවාල ලැබූ මෙම ව්‍යාපාරිකයා මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත්කොට හදිසි ප්‍රතිකාර ලබා දෙමින් සිටි අවස්ථාවේ මරණයට පත්ව ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32