මෙරට දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත ලබා දී අවසන් – සුව ඇමති

මෙරට කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත මේ වන විට ලබාදී අවසන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙරටින් සරම්ප රෝගය තුරන් කර තිබූ නමුත්, පසුගිය සමයේ එම රෝගය යළි හිස ඔසවන තත්ත්වයක් පෙන්නුම් කළ බැවින් මේ ආකාරයේ එන්නත් වැඩසටහනක් ආරම්භ කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

“මෙම වසරේ ප්‍රධානම බලාපොරොත්තුව වන්නේ රෝග වළක්වා ගැනීම සම්බන්ධයෙන් වන කටයුතු ශක්තිමත් කිරීමයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීම තුළින් රෝගීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට ද බලාපොරොත්තු ‍වෙනවා.ශ්‍රී ලංකාව බෝ නොවන රෝග සම්බන්ධයෙන් විශාල තර්ජනයකට මුහුණ දී සිටිනවා. මෙරට ජනගහනයෙන් 20% වැඩි ප්‍රමාණයක් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. දකුණු ආසියානු කලාපයේ අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ගෙන් අධික රුධිර පීඩනය වැඩිම රට ලෙස ද ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. අධික රුධිර පීඩනයට අදාළ සංකූලතා ලෙස හෘද රෝග, ආඝාතය ඇතුළු රෝග රැසක් හඳුන්වන්න පුළුවන්. එමෙන්ම වේගයෙන්ම වයස්ගත වන ජනගහනයක් සිටින රටක් නිසාත් මතක ශක්තිය දුර්වල වීම, අක්ෂි රෝග, අස්ථි රෝග ඇතුළු රෝග තත්ත්වයන් රැසක් වර්ධනය වෙමින් තිබෙනවා.
එබැවින් බෝ නොවන රෝග පිළබඳව අවධානය යොමු කරමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. ඒ වගේම සීග්‍රයෙන් පැතිර යමින් පවතින ඩෙංගු රෝගය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර එය පාලනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවලින් සහයෝගය ලබුණ ද ඒ සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබෙන සහාය මීට වඩා අපේක්ෂා කරනවා.තව ද මේ වන විට වැඩිවෙමින් පවතින සරම්ප රෝගය අඩු කිරීම සදහා විශේෂ වැඩසටහන් කිහිපයක් අප විසින් සංවිධානය කර තිබෙනවා. පසුගිය සති කිහිපය තුළ දරුවන්ගෙන් 91% කට එන්තත් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා.
ඒ මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිසඔසවන තත්ත්වයක් පෙන්නුම් කළ නිසයි. ඒ වගේම පවතින ඖෂධ හිඟය මඟහැරවීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක් මේ වන විට රටට ආනයනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. එසේම පැවති ඖෂධ හිඟය ක්‍රමානුකූලව අවම වෙමින් පවතින බව කිව යුතුයි. ඉදිරියේ දී වෛද්‍ය සැපයුම් අංශයත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියත් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට මාර්ගගත ක්‍රමවේදය යොදා ගැනීමට අප බලාපොරොත්තු වනවා. ඒ සඳහා මොරටුව සහ කොළඹ යන විශ්ව විද්‍යාලවල පරිගණක අංශ සමඟ දැනටමත් අමාත්‍යාංශය සාකච්ඡා කරමින් සිටිනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05